IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බහින්බස්වීමකින් හිමිනමක් ඇතුළු දෙදෙනෙක් රෝහලේ

(මාවනැල්ල සමන් විජය බංඩාර)

පුද්ගලයෙකු සමග  ඇති වූ බහින්බස් විමක් දුර දිග යාමෙන් හිමිනමකට සහ තවත් ගිහි පුද්ගලයන් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරිම හේතුවෙන් හිමියන් සහ අනික් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අරණායක සාමගම පුනා පොකුණ විහාරාධිපති හිමිපාණන් වහන්සේ සහ උන් වහන්සේගේ ගිහි දායකයන් දෙදෙනෙකි. 

ඒ අනුව කැපුම් තුවාල ලැබු හිමියන් ඇතුලු අනික් දෙදෙනා අරණායක දිසා රෝහල වෙත ගම්වැසියන් විසින් ඇතුළත් කර ඇති අතර ගිහි පුද්ගලයන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත. 

මෙම ගැටුමෙන් පසුව සැකකරු පලා ගොස් ඇති අතර එම පුද්ගලයා අද ( 17 ) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.



අදහස් (3)

බහින්බස්වීමකින් හිමිනමක් ඇතුළු දෙදෙනෙක් රෝහලේ

Gihan Sunday, 17 December 2017 02:56 PM

අද හාමුදුරුවරුන්ගේ ජීවිතත් අවදානමේ. මාධ්‍යය ඒවා පළ කරන්නේ හරියට හාමුදුරුවො අනිත් කෙනාට පිහියෙන් අනින්න ගිය ගාණටයි. අනේ මන්දා ඉතින්...

:       145       282

kavantissa Sunday, 17 December 2017 07:31 PM

මා දන්නා නායක හාමුදුරුවරු බහින් බස් වෙන තැනකට ගිහින් කතා කර "මොකද මේ සද්දේ" කියා ඇසුවොත් උත්තර දෙයි " නෑ අවසර අපේ පොඩි කතාවක සද්දේ ටිකක් වැඩිවුණා කියල නිශ්ශබ්ද වෙනවා. දැන් ටිකක් වෙනස් වාගෙයි.

:       0       0

rocky Monday, 18 December 2017 12:38 AM

ගිහාන් මොනවද මේ කතා කරන්නේ? මේ ගෝරිය ගැන නම් මම අගක් මුලක් දන්නේ නැහැ, එනිසා ඒ ගැන යමක් කීම අපහසුයි. එ්ත් අද දවසේ සාසනය පිරිහී තිබෙන තත්වය පොදුවේ බැලුවම මේ දේශපාලු හාමුදුරුවරුන්ගෙන් පමණක් නොවෙයි, අවස්ථාවාදී චීවරධාරීන්ගේනුත් ජනතාවට බේරිලා ඉන්නයි සිදුවෙලා තියෙන්නේ! ඔබ හිතන විදිහට උන්නාන්සේලට ජීවිත ආරක්ෂාව සඳහා තුවක්කුව බැගින් දිය යුතුද? සමහරු සිවුරු පෙරෙව්වට පිළිවෙත් වලින් සංඝයාවහන්සේලා නොවෙයි. දැන් සමහරු දන්නා ධර්මයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site