IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෙහෙත් ගන්න ගිය මව වන අලි පහරින් මරුට

(දයාරත්න ඇඹෝගම)

සිය පුත්‍රයා සමග යතුරු පැදියෙන් ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටි 50 හැවිරිදි මවක් නිරාවිය ප්‍රදශයේදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (01)දින මියගිය බව තිරප්පනේ පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ තිරප්පනය,උට්ටිමඩුව,නිරාවිය යන ප්‍රදේශයේ පදිංචිව සිටි ලලිතා කුමාරි චන්ද්‍රලතා(50)නැමති මවකි.

මිය ගිය මෙම මව 31 හැවිරිදි සිය පුත්‍රයා සමග නිවසේ සිට යතුරැ පැදියකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටියදි නිරාවිය ප්‍රදේශයේ මහමග රැදි සිටි වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පැවසිය.

එම අනතුරින් බරපතල තුවාල ලැබු මෙම මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබුණි.

මෙම වන අලි ප්‍රහාරයෙන් එම මවගේ පුත්‍රයාට කිසිදු අනතුරක් සිදුවි නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

 



අදහස් (3)

බෙහෙත් ගන්න ගිය මව වන අලි පහරින් මරුට

sunil Wednesday, 01 November 2023 01:48 PM

අනේ පව් අලියා...! 

:       16       4

gunda Wednesday, 01 November 2023 03:53 PM

සුනිල් කුණුහරප කතා කියන්නේ නැහැ...

:       2       2

ගොවින්ද Thursday, 02 November 2023 02:47 PM

මොවුන් පුදුම දරුවෝ. අර අසනීප අම්මා දාලා අරූ පැනලා දුවන්න ඇති අලියා එනකොට... එතුමියට නිවන්සුව පතමු.!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site