IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බෙහෙත් ඉල්ලා මුලතිව් කාන්තාවෝ පාරට බසිති

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව්  රෝහලේ  පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් ඉල්ලා  විරෝධතාවක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

උතුරු නැගෙනහිර කාන්තා සංවිධානය මෙම විරෝධය මෙහෙය වීය.

මුලතිව් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැති වීමෙන් දෛනිකව බාහිර රෝගීන් විශාල පිරිසක් පීඩාවන්ට පත්වන අතරම ඔවුන්ට කිලෝමීටර් 200 කට ආසන්න දුරක් ගෙවා කිලනොච්චියට හෝ වව්නියාව රෝහල්වලට යාමට සිදුවීමෙන් විශාල මුදලක් දැරීමටද සිදුවෙතැයි විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.‍ෙ

වහාම මුලතිව් රෝහලේ පවතින ‍ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගයට විසඳුම් ලබාදීමට අදාල බලධාරීන් පියවර ගත් යුතු බවට ඉල්ලා පෙත්සමක්ද මුලතිව් වැඩබලන දිසාපති කේ.කනකේෂ්වරන් මහතාට භාර දීමටද විරෝධතාකරුවෝ  පියවර ගත්හ.



අදහස් (4)

බෙහෙත් ඉල්ලා මුලතිව් කාන්තාවෝ පාරට බසිති

Sunil Tuesday, 13 December 2022 02:09 PM

කොළඹට කිරි ගමට කැකිරි

:       1       5

fairoos Tuesday, 13 December 2022 03:13 PM

අපෝ ඒපා කොටින්ට මොන බෙහෙත්ද? මීට බයියෙක්

:       0       5

ranjith Tuesday, 13 December 2022 03:17 PM

තව පුලුවන් තරම් නය අරන් ඇතිකම් වැඩි කරපල්ලා

:       0       8

ranjithTuesday, 13 December 2022 05:18 PM

ඇමතිකම් තියාගෙන ඉන්න පාඩුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site