
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බස් සහ ත්‍රිරෝද රථ අමතර උපාංග වැරදි හදා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා:- (ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ත්‍රිරෝද රථ සහ බස් රථ අමතර උපාංග සම්බන්ධ නීතිය කඩිමුඩියේ ජාතික ජන බලවේග රජය විසින් ගෙනා එකක් නෙවේ යැයි කී මන්ත්‍රීවරයා මෙහි සිදු වී ඇත්තේ අලුත් ආණ්ඩුව පැමිණි විට පොලිසියත් සද්භාවයෙන් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට යාම බව සඳහන් කළේය.
බස් සහ ත්‍රීරෝද රථවල අමතර උපාංග සම්බන්ධයෙන් නඩු නොපවරණ ලෙසත් බස් සහ ත්‍රීරෝද රථ හිමියන්ට නීතිමය වැඩපිළිවෙලට අනුගත වීම සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් - ත්‍රිරෝද රථ වැරදි හදාගන්න සහන කාලයක්
Hasith Wednesday, 08 January 2025 03:35 PM
හැම වැඩේම පස්සට දානවා. පාතාලයටත් වැරැදි හදාගන්න කල් දෙනවාද මේ විදිහටම..?
විපරමා Wednesday, 08 January 2025 03:49 PM
බස්වල තියෙන ආම්පන්න ගලවලා හරියට හදාගන්ඩ කාලයක් යනවා.පාතාලය සහ බස්වල තියෙන වෙනසවත් නොදන්න උන්?
dileepa1986Wednesday, 08 January 2025 04:36 PM
ඔබතුමා හිතන්නේ කොච්චර වගේ කාලයක් යනවාද? හයි කරන්න එක දවසක්.... ගලවන්න එක දවසක්...
sena Wednesday, 08 January 2025 03:53 PM
මේක මහාම මහා පතෝල ආණ්ඩුවක්... මෙලෝ වැඩක් කරගන්න කොන්ද පණ නෑ...
ජිල්බු Wednesday, 08 January 2025 05:03 PM
මේ අය කලින් හිටපු අය තරම් නම් දක්ෂ නෑ තමයි, නේද...?
හසක Wednesday, 08 January 2025 04:23 PM
සහන කාලය හරියටම කිව්වා නම් තමයි හොඳ...
ddsWednesday, 08 January 2025 04:55 PM
මේ තියෙන්නෙ මේ තාක් තිබුණු නීති එකවරටම ක්‍රියාත්මක වීමට සම්බන්ධ දෙයක්. දීර්ඝ කාලයක් අවනීතිය රජ කරපු රටක, නීතිවලට හුරු වෙනකොට මේ ඝට්ටන ඇතිවීම ස්වාභාවිකයි...
Ruwan Thursday, 09 January 2025 09:38 AM
බස් අයිති අයට බස් එළවන අයට ඕන විදියට මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන එකම රටේ මේ සිරි ලංකාවේ වෙන්නැති. මගී ප්‍රවාහන බලපත්‍ර එක් එක් පුද්ගලයන්ට දෙනවා වුණත් කම්පැනි කිහිපයකට මේවා දීලා පොදු නියාමනයක් කරන්න කාටවත් හිතන්නේ නැත්තේ ඇයි... මේ රටේ මනුස්සයා වගේ ජීවත් වෙන්න හිතන අයට වෙලා තියෙන්නේ වෙන රටක් හොයාගන්න එක තමයි දැන්නම්
චින්තක Thursday, 09 January 2025 10:03 AM
පුද්ගලික බස් ගැන කවර කතාද ? මාර්ග නීති පිළිපදිනවද , ඉතුරු සල්ලි ලබා දෙනවද, මගියාට කතා කරන්නවත් නොදන්නා නුගත් රියදුරු, කොන්දොස්තරවරු , විලාප කියන සංගීත , තොරොම්බල් ගලවන්ට කලින් මේ සේරම නියාමනය කළ යුතුයි ,නැතිනම් එක බස් සමාගමකට මේ සේරම බාර දෙන්න ලංගම බස් රථ වැඩි වශයෙන් යොදවන්න
ජගත් ලියනගේ Thursday, 09 January 2025 02:57 PM
සහන කාලය ලෙස සුමාන දෙකක් දුන්න නං හොදටම ඇති.