IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බස් ගාස්තු වැඩි නොකළොත් වර්ජනයක්?

ලබන සිකුරාදා (5) වන විට නියමිත බස් ගාස්තු වැඩිවීම ලබා නොදුන්නොත් ලබ සතියේ සිට දීප ව්‍යාප්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (3) තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව පසුගිය පළමු වැනිදා බස්ගාස්තු වැඩිවීම ලබා දීමට නියමිතව තිබූ බව ද ඔහු කීය.

 

 



අදහස් (0)

බස් ගාස්තු වැඩි නොකළොත් වර්ජනයක්?

චමිලා Thursday, 04 July 2013 12:51 PM

කාන්තාවනි, බස් වර්ජන ඇති වුවහොත් එවැනි අවස්තාවලදී ඔබව අපහසු තාවයට පත්කරන අශීලචාර කාමාතුරයන්ට ඉඩ දෙන්න එපා.(ස)

:       0       0

දිල්ෂාන් Thursday, 04 July 2013 09:55 AM

සේවාව අන්තිමයි. ගානනම් කොහොමහරි වැඩිකරගන්නවා.(ස)

:       0       0

ශ්‍රීලාල් Thursday, 04 July 2013 03:54 AM

ඔය පුද්ගලික බස් සේවා නවත්වල ඉස්සර වගේ ලංගම බස් සේවයෙන් ගමනාගමනය කරන්න බැරිද? මේක තනිකර මාෆියාවක් වගේ නේද?(නදී)

:       0       0

දමිත් Thursday, 04 July 2013 10:42 AM

වර්ජනය කරන්න කියන්න. ලීසින්ග් එක ගෙවාගන්න බැරිව බස් එක උස්සපුවම කාටද පාඩුව? අනික ඩීසල් රුපියලකින් වැඩි උනාම බස් ගාස්තු රුපියල් 2 කින් වැඩි කරන එක සාදාරනද? (නදී)

:       0       0

මදූ Thursday, 04 July 2013 11:07 PM

ඇත්තටම තෙල් මිල ගොඩක් වෙඩි වෙලා නිසා බස් හිමියෝ ගොඩක් පාඩු ලබනවා. මහා ජනතාව ඒ ගැන හිතනවා වගේ ඒ අය ගැනත් හිතන්න. මේ බස් හිමියාගේ වරදද නැත්තම් දැන් ආණ්ඩුවේ වරදක්ද ඇත්තටම තෙල් මිල වැඩි බව දැන්නේ නෑ වගේ ආණ්ඩුවට කඩේ යන්න එපා.(නදී)

:       0       0

ස්ටීව් Wednesday, 03 July 2013 10:01 PM

දැන් කාපු ඒවා දිරවන්නේ නැතුව ඇති (අ)

:       0       0

ආනන්ද Thursday, 04 July 2013 09:01 AM

අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකළේ කියලා වැඩිවුණ දේවල් බස් හිමියන්ටත් පොදුයි.බස් ගාස්තු වැඩි කළ යුතුයි. නඩත්තු ඉහළයි (නි)

:       0       0

රොෂාන් Wednesday, 03 July 2013 10:47 PM

මෙහෙම ගියොත් (අපිව බලා ගන්න කවුරුවත් නෑ නේ ) මාසේ අන්තිමට ගන්න පඩිය මේ අයට දීලා අත් බැදගෙන ඉමු.(නදී)

:       0       0

ඩෙනම් Wednesday, 03 July 2013 10:51 PM

විදුලි බිල වැඩි කලේ විදුලි බිල මණ්ඩලය පාඩු නොලබා පවත්වාගෙන යාමට , ඒ වගේ පෞද්ගලික බස් ගාස්තුත් ඔවුන් වැඩි කරන්න බලන්නේ ඔවුන්ට නඩත්තු වියදම සහ තෙල් වියදම අසීමිත ලෙස ඉහල යාම නිසාය. මේ වියදම හැම කෙනෙක්ම දැරිය යුතුයි.(නදී)

:       0       0

වසන්ති Wednesday, 03 July 2013 05:51 PM

බස් කාරයින්ට නම් කිසිම සහනයක් දෙන්න එපා. ඔවුන් ඉතා අසාදාරනයි. මෙවෙලේ බස් ගාස්තු වැඩි කලොත් මිනිස්සු රජයට ඡන්දෙ දෙන එකකුත් නැහැ (නි)

:       0       0

දර්ශන් Wednesday, 03 July 2013 05:58 PM

මහජනතාව ඉතා අසරණයි. ගැමුණුලා බස් ගාස්තු වැඩි කිරීම වසරකට කිහිපවරක්ම කරනවා. නමුත් සේවාව නම් අන්තිමයි. (නි)

:       0       0

නලින් ප්‍රනාන්දු Wednesday, 03 July 2013 11:27 PM

වෙල්ගම මහත්තයෝ, බස් ගැමුණුගේ හුලන් බහින්නත් එක්ක අවිස්සාවේල්ල පැත්තට තව කෝච්චි දෙක තුනක් වැඩිපුර උදේට සහ හවසට දාන්න. (නි)

:       0       0

හසිත Wednesday, 03 July 2013 06:07 PM

සාධාරණයි නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site