IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බස් එස්.එම්.එස්. පැමිණිලි අද සිට

පෞද්ගලික බස් සම්බන්ධයෙන් එස්.එම්.එස් මඟින් පැමිණිලි කිරීමේ නව අංකයක් ඔක්තෝබර් 1 (අද) සිට ක්‍රියාත්මක වන බව පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමති සී.බී.ඒකනායක මහතා කියයි.

ඒ අනුව දුරකථන අංක 071 655 00 00 ට කෙටි පණිවිඩයක් ලෙස දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා මගීන්ගෙන් ඉල්ලා සිටි. මෙම කෙටි පණිවිඩය ඊමේල් පණිවිඩයක් හරහා අමාත්‍යංශයට යොමු කෙරෙන අතර ඒවා ක්ෂණිකව පිටපතක් ලෙස ලබාගැනීමේ හැකියාව ඇත. පැමිණිලි කිරීමේදී බස් රථයේ අංකය, මාර්ග අංකය, වේලාව ආදිය නිවැරදිව සඳහන් කිරීම විමර්ශන කිරීමට පහසුවක් බවද අමාත්‍යවරයා කීය.



අදහස් (0)

බස් එස්.එම්.එස්. පැමිණිලි අද සිට

සිසිර කුමාර Wednesday, 01 October 2014 05:27 PM

මේකෙන්වත් වැඩක් වෙයිද? (නි)

:       0       0

උපාලි Wednesday, 01 October 2014 11:52 PM

ලියලා දීලත් වැඩක් වෙන්නේ නැති නැති එකේ එස්.එම්.එස්. එකට වැඩ කරනවා නම් හරි ෂෝක්නේ! (නි)

:       0       0

මහේෂ්‍ Thursday, 02 October 2014 01:26 AM

බලමුකෝ අපේ පැමිණිලි ක්‍රියාත්මකවෙයිද කියලා (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 01 October 2014 10:44 AM

දක්වා ඇති දුරකථනය එස්.එම්.එස් කෙසේවෙතත් වැඩකරන එකක්ද බලන්න කියලා නිකමට බැලුවා.විනාඩි 3,4 ක්ම නෝනලා දෙන්නෙක් සිංහලෙන් ,දෙමලෙන් කතා කරලා අර අංකය,මේ අංකය ඔබන්න කියලා, . අන්තිමේදී " ඔබ හට විශිෂ්ට සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ඇමතුම පටිගත කරනු ලැබේ කිවුවා. "ඔය ටේප් එක" කොන්දොස්තර අතට ගියා නම් ඉතුරු සල්ලි කෙසේ වෙතත් අපිට ගුටිකන්නත් සිද්ධවෙන නිසා මම ඇමතුම කපාහැරියා. (නි)

:       0       0

හසිත Wednesday, 01 October 2014 10:50 AM

ලංකාවේ හරියට නීතිය අනුව යන අර්ධ සුඛෝපභෝගී බස් එක මොකක්ද කියන්න පුලුවන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 202 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site