IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බැසිල් කටුනායකට ආ ගමන් අත් අඩංගුවට

රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදු කළැයි සැකපිට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (30) නියෝග කළේය.

ඔහු මෙරටට පැමිණි පසු අත් අඩංගුවට ගැනීමට අධිකරණය කලින් කළ නියෝගය බල රහිත කර අත් අඩංගුවට ගැනීමකින් තොරව සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝගයක් නිකුත් කරන ලෙස මෝසමක් මඟින් අද නඩුව කැඳවූ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. පෙර දිනකදී නිකුත් කළ අධිකරණ නියෝගය මත කටයුතු කරමින් සැකකරු ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් සැකකරුගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

 යූ.ආර්. ද සිල්වා මහතා සමග 20 දෙනකුගෙන් පමණ යුතු නීතිඥවරු පිරිසක් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

මූල්‍ය වංචා පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නොමැතිව මෙම මෝසම විභාගයට ගැනිණි. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝශික මුදල් අක්‍රමිකතා, පසුගිය ජනපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තු මුදල් වියදම් කිරීම, සමුළුවක් සඳහා රුපියල් මිලියන 70 ක් වියදම් කිරීම හා 2006 ශ්‍රී ලංකාව මිලට ගත් මිග් ගුවන් යානා 4ක් අලුත් වැඩියාවට රුපියල් ලක්ෂ 145 ක් වැය කිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය හේතු මත ඇමරිකාවට ගොස් සිටින බවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද  සිල්වා මහතා අධිකරණයට කියා සිටියේය.

                                                                                                                                                                                              



අදහස් (0)

බැසිල් කටුනායකට ආ ගමන් අත් අඩංගුවට

විජිත Monday, 30 March 2015 02:31 PM

මට නම් මතක්වෙනකොටත් තරහයි (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 30 March 2015 02:52 PM

සෞඛ්‍ය හේතු මත ඇමරිකාවට ගොස් සිටින බව ඇත්තද? (නි)

:       0       0

නන්දලාල් Monday, 30 March 2015 03:07 PM

මේ බව බැසිල් දැනගත් හැටියේම ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නවා සහතිකයි (නි)

:       0       0

ලසන්ත Monday, 30 March 2015 03:17 PM

ලෝක හොරෙක්. (ස)

:       0       0

වරුණ Monday, 30 March 2015 05:34 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ප්‍රශා Tuesday, 31 March 2015 02:01 AM

ආණ්ඩුවට ඔය පැමිණිල්ලත් ඔප්පු කරගන්න බැරිවේවි. මේ ආණ්ඩුව කරන්නේ වැරදි කරුවන් කියන පිරිසක් විසුද්දී කරන එක හා පුන පුනා බොරු ගොතා මහජනතාව මුලා කරන එක. (ස)

:       0       0

කිරි ගමරාල Tuesday, 31 March 2015 02:45 AM

මේක ඇහුවහම සෞඛ්‍ය තත්ත්වය තවත් නරක වෙයිද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site