යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් අද සවස යාපනය නුවර මාර්ගයේ , ඕමන්ත විලක්කවයිතකුලම් ප‍්‍රදේශයේ දී පෙරලීයෑමෙන් එක් අයකු මියගොස් 42 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඕමන්ත පොලිසි කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඕමන්ත 563 යුද හමුදා බලසේනා මූලස්ථානයට අනුයුක්තව සේවයකරමින් සිටි ලාන්ස් කෝප‍්‍රල් එ.ඊ රත්නායක (36) බවට හඳුනාගෙන ඇත.
තුවාල කරුවන්ගෙන් පුද්ගලයින් 17 දෙනකුගේ තත්ත්වය බරපතල බව වවුනියාව රෝහල් අරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසය පෙරළී 42ක් රෝහලේ
මැණික් Sunday, 06 July 2014 09:13 AM
මියගිය අයට නිවන් සුව ලැබේවා! (නි)
නුවන්තක Sunday, 06 July 2014 09:13 AM
තුවාල වූ සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා! (නි)
ශාන් Sunday, 06 July 2014 10:33 AM
යුද්දෙත් අවසන් වෙලා අකාලයේ අපේ හමුදාවේ සගයින් මියයන එක තමා ගොඩාක් දුක. ඔබට නිවන් සුව! අනෙකුත් සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා! (නි)
ජෝන් Sunday, 06 July 2014 11:35 AM
තාම බැරිවුණානේ රටේ මාර්ග නීති හරිහැටි පණගන්වන්න. වාහනයේ බර, පාරේ ස්වභාවය, තිරිංග,ටයර් වල තත්වය, වේග සීමා, කාලගුණය මේවා ගැන කිසිම දැනීමක් නැහැ. (නි)
ඇසළ Saturday, 05 July 2014 08:29 PM
ගිය සේරම මැරෙන්නේ නැතුව බේරුන එක පුදුමයක්. පරණ බස් එකක් ඉගිල්ලෙන හදන්න ඇති. එ්ක නිසා තමයි ගිය යාමට රෝද ටික උඩ පැත්තට තියෙන්නේ. (නදී)
පුබුදු Sunday, 06 July 2014 02:20 PM
රියදුරන්ගේ පළපුරුද්ද ගැන මීට වඩා අවධානය යොදවන්න ඕනෑ. සල්ලි ටිකක් වීසිකරලා ගන්න බලපත්‍ර නිසා ගොඩක් අනතුරු වැඩිවෙලා තියෙනවා. (නි)
පිටිගල Saturday, 05 July 2014 09:07 PM
මිනිස්සු තැලිලා පොඩිවෙලා යන්න ඇති.රියදුරාගේ තත්වය කොහොමද? නැත්නම් පැනලා ගියාද? අහිංසක මිනිස්සුන්ට ඉක්මන් සුව වේවා! . (දී)
සමීර Saturday, 05 July 2014 10:03 PM
බස් වල යන අපි දන්නවා යන විදිය. ඇත්තම කිව්වොත් අපිත් කැමතියි දුර ගමන් යන නිසා ඉක්මනට යන්න (නි)
ලක්ෂපාන Saturday, 05 July 2014 10:24 PM
අනතුරට පත් සියලු දෙනා ගැන කණගාටු වෙනවා. මේ දුර ගමන් බස්රථ වලට තටු සවි කළා නම් ගුවන්ගත වෙන්නත් පුළුවන්. ඒ තරමට මේ බස්රථ රියදුරන් වේගයෙන් යනවා. අනතුරක් වළක්වා ගැනීමට දුරගමන් බස්රථ රියදුරන්ට ඇති හැකියාව බිංදුවයි. (නි)
මනිරාජ් Sunday, 06 July 2014 05:31 AM
රියදුරන් මඟීන්ගේ ආරක්ෂාව ගැන මීටවඩා සිතිය යුතුයි (නි)