IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බසයයි මගියොයි මහ පාරේ

පසුගිය 13 වැනිදා සවස මීගමුව සිට කොළඹ දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථය  මඟීන් සමග මහ මග දමා දිවූ බව කියන රියදුරු සහ කොන්දොස්තර ජා ඇල පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

මෙම බස් රථයේ ගමන් කළ මගියකු 119 අංකයට ඇමතුමක් ලබාදී රියදුරු හා කොන්දොස්තරවරයා බීමත්ව මගීන්ට තර්ජනය කළැයි දැනුම්දී ඇත. ජා ඇල නගරයේ සිටි පොලිස් නිලධාරීන් දුටු රියදුරු සහ කොන්දොස්තර මඟීන් හා බස් රථය දමා පැන යාමට උත්සාහ කිරීමේදී අත් අඩංගුවට පත්ව ඇත. පොලිසියට පැමිණිලි කිරීම නිසා ‘‘උඹලා කැමති විදියකට පලයල්ලා“ යැයි කී බවද මගීහු කියති.

 

 



අදහස් (0)

බසයයි මගියොයි මහ පාරේ

නෙවිල් Saturday, 15 November 2014 04:21 AM

මේවා අලුත් දේවල් නෙවෙයි.(හේ)

:       0       0

ෆාතිමා Friday, 14 November 2014 02:12 PM

දසුන්, අපි නම් දන්නවා. ඒත් ඉතින් අපි කාටද කියන්නේ? (නි)

:       0       0

සැම්සන් Friday, 14 November 2014 02:28 PM

බොහොමයක් රියදුරන්ට මත් ද්‍රව්‍ය තේ බීමට නවත්වන කඩවලින් දෙන බව දන්නවද? (ර)

:       0       0

සුජිත් Friday, 14 November 2014 04:20 PM

මත්පැන් බීවට මත් වෙන්නේ නැතිනම් ප්‍රශ්නයක් නැහැ වගේ මේ දෙදෙනාව පොලිසියෙන් අත් අඩංගුවට ගත්තට බීමත්ව සිටි බවට නම් මෙතැන සදන්හන් වෙන්නේ නැහැ. අපි බලමු වැඩි විස්තර ලැබේවිද කියලා. (ර)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 15 November 2014 12:29 PM

මට නම් හිනා වැඩේට.මාරු ඩබලක් මුන් දෙන්න බලන් යද්දී.(හේ)

:       0       0

බමුණු ආරච්චි Saturday, 15 November 2014 12:50 AM

මඟීන් එකතුවෙලා දඬුවම දෙන්න ඕනෑ. නමුත් එක මඟියෙක් කතාකරනවද? කසාය බීපු ගොලුවො වගේ බලාගෙන ඉන්නවා. තව කෙනෙක් කතා කරනකොට, වචනයකින්වත් උදවුවක් නැහැ. (නි)

:       0       0

දසුන් Friday, 14 November 2014 11:02 AM

දුර ගමන් යන බස් රථ තේ බීමට නවත්වන කඩවලින් රිදුරුට හා කොන්දොස්තරට කෑමට සිගරට් වලට අමතරව මත් පැන් දෙන බව දන්නවද? (ර)

:       0       0

නිමල් Saturday, 15 November 2014 01:35 AM

දෙදෙනාටම උසස්වීමක් දීලා ලංගමයට බඳවාගන්න වටිනවා (නි)

:       0       0

චමින්ද Saturday, 15 November 2014 01:46 AM

නිමල්,ලංගමයට නම් මෙවැනි අය නැතුවට කමක් නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 14 November 2014 12:09 PM

මේ වගේ වගකීමක් නැතුව වැඩකරන අයට දෙන්න තිබෙන හොඳම දඬුවම දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site