බස්නාහිර පළාත් මහ ඇමැති ධූරය සඳහා ඉසුරු දේවප්‍රිය මහතා අද (8) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ බස්නාහිර ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන් මහතා අතින් පත්වීම් ලිපිය ලබාගත්තේය.
හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඒ වෙනුවෙන් පුරප්පාඩුවූ ප්‍රධාන අමාත්‍ය තනතුර ඉසුරු දේවප්‍රිය මහතාට හිමිව තිබේ.
මහ ඇමැති ධූරයට පත්වූ ඉසුරු දේවප්‍රිය මහතා අද බස්නාහිර පළාත් සභාවට පැමිණි අවස්ථාවේදී හෙක්ටර් බෙත්මගේ ඇතුළු එහි මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබිණි.
1991 වසරේදී මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස තේරී පත්වූ දේවප්‍රිය මහතා 1999 වසරේදී බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස මහජන එක්සත් පෙරමුණෙන් තේරී පත්විය.
වසර 16කට අධික කාලයක් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ දේවප්‍රිය මහතා පළාත් ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස ද කටයුතු කර ඇත.
අද බස්නාහිර පළාත් සභාව රැස්වූ අවස්ථාවේ එජාප මන්ත්‍රී එම්.එස්.එම්.ෆයිරූස් මහතා පළාත් සභාව තුළද ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
මෙතෙක් පළාත් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ලෙස කටයුතු කළ සුසිල් කිඳෙල්පිටිය මහතා වෙනුවට එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්දික බණ්ඩාර මහතා පත් කිරීමද අද සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර මුල් පුටුව ඉසුරු දේවප්‍රියට
සරත් Tuesday, 08 September 2015 02:07 PM
සුබ පැතුම්! (නි)