ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ඕෂදී රණසිංහ මෙහෙයවන බස්නාහිර පළාත් පිල සහ ශ්‍රීපාලි වීරක්කොඩි මෙහෙයවන මධ්‍යම පළාත් පිල සුදුසුකම් ලැබූහ.
අවසන් මහ තරගය අනිද්දා (02) කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බස්නාහිර පළාත් පිල විසින් ලකුණු 12 කින් චමරි අතපත්තු මෙහෙයවූ උතුරු මැද පළාත් පිල ද, දෙවැනි අවසන් පූර්ව තරගයේදී මධ්‍යම පළාත් පිල විසින් ඒෂානි ලොකුසූරිය මෙහෙයවූ දකුණු පළාත් පිල කඩුලූ 5 කින්ද, පරාජය කරන ලදී.
දකුණු පළාත් පිල ඕවර 19.1 කදී 74 (දුමිලා දේදුණු 16, සුරංගිකා කුමාරි 13/4, චමරි පොල්ගම්පොළ 16/2)
මධ්‍යම පළාත් පිල ඕවර 15.1 කදී කඩුලූ 5 ට 77 (ඉරෝෂි ප‍්‍රනාන්දු 22, ශ්‍රීපාලි වීරක්කොඩි 18)
බස්නාහිර පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 114 (දේදුණු සිල්වා 13, ඕෂදී රණසිංහ 29, සඳමාලි දොළවත්ත නොදැවී 34, ශෂිකලා සිරිවර්ධන 23)
උතුරු මැද පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 102 (චමරි අතපත්තු 15, චමනි සෙනෙවිරත්න 38, චාමිකා බණ්ඩාර 13, ෂෙරීනා රවිකුමාර් 15/4, ශෂිකලා සිරිවර්ධන 26/2)
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බස්නාහිර - මධ්‍යම අවසන් තරගයට එති