බිඟුන් මේනක ගමගේ
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත.
මෙම තීරණයට අනුව එකක් රුපියල් ලක්ෂ හයහමාර බැගින් පුටු 104ක් ආනයනය ට දැනටමත් ඇණවුම් කර ඇතැයිද මෙම පුදුමාකාර මිලදී ගැනීම වළක්වන්නැයි ද ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් වේ.
පළාත් සභාවේ සියලු ආයතන එක් තැනකට ගෙනඒම යහපත් නමුත් එක් පුටුවකට මෙවැනි මුදලක් වැයකිරීම පුදුම සහගත එකඟ විය නොහැකි කරුණක් යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.