IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බව තරණය දිල්ලිය තරණය කරයි

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවති දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී  ‘බව තරණය‘ චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.

රටවල් රැසක් ඉදිරිපත් කර තිබූ නිර්මාන 219 ක් අතරින් මෙම සම්මානය දිනාගත් බව තරණය දේවින්ද කොන්ගහගේ මහතාගේ අධ්‍යක්ෂණයකි.

ශ්‍රීලංකා චිත්‍රපටයක් දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී මෙසේ සම්මානයට පාත්‍රවූයේ 1963 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටයට ‘රණමයුර‘ සම්මානය හිමිවූවායින් පසුවය.

මහාචාර්ය ලෙප්නා දේවරාජ්ගේ උඩරට රාජධානිය නම් පර්යේෂණ ග්‍රන්ථය පාදක කරගනිමින් නිර්මානය කර තිබෙන මෙම චිත්‍රපටය එක් රටක සංස්කෘතියකට සීමා නොවූ විශ්වීය තේමාවක් රැගත් චිත්‍රපටයක් ලෙස දිල්ලි චිත්‍රපට උළෙලේදී චිචාරක පැසසුමටද පාත්‍ර විය.

මාලනී ෆොන්සේකා,සජීව් රාසපුත්‍ර,උදයන්ත කුලතුංග,රොෂාන් රණවන,මහේන්ද්‍ර පෙරේරා,චන්දික නානායක්කාර බව තරණයේ චරිත වලට පණපොවති.සංගීතය නවරත්න ගමගේ ගෙන්ය.



අදහස් (0)

බව තරණය දිල්ලිය තරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site