IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


බීලා වාහන එලෙව්වොත් දඬුවම් දෙන නීතිය විධිමත් කරයි

(අංජුල මහික වීරරත්න)

මෝටර් වාහන (මත්ද්‍රව්‍ය) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මහා මාර්ගයක මෝටර් වාහනයක් ධාවනය කරනු ලබන රියදුරෙකු විසින් මත්ද්‍රව්‍ය කිසිවක් ගෙන ඇති බවට පොලිස් නිලධාරියෙකු විසින් සැක කරනු ලබන අවස්ථාවක පරීක්ෂා කරනු ලැබීම සඳහා එම තැනැත්තා ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරනු ලැබීම නීත්‍යනුකූල විය යුතු බව මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ දක්වා තිබේ. එහෙත්, එකී නිශ්චය කිරීම සඳහා පරීක්ෂණයක් පවත්වනු ලැබිය හැකි ක්‍රමය සහ ආකාරයක්, මත් ද්‍රව්‍ය ගෙන ඇතැයි සලකනු ලැබිය යුතු මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයේ ප්‍රමාණය පිළිබඳව විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කර නොතිබුණි.

එබැවින්, මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පදවනු ලබන රියදුරන් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි විධි විධාන ඇතුළත් කරමින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ 2025 අංක 01 දරන මෝටර් වාහන (මත්ද්‍රව්‍ය) නියෝය, අංක 2452/40 හා 2025-09-04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (2)

බීලා වාහන එලෙව්වොත් දඬුවම් දෙන නීතිය විධිමත් කරයි

Perera Wednesday, 29 October 2025 09:14 AM

බැලුම පුම්බලා ‘breath alcohol’ පරීක්ෂණයක් කරලා ලේ වල මද්‍යසාර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම හරිද? ලංකාව පුරාම ඕක තමයි පොලිසිය කරනේ. මම දන්න තරමට එක්කෙනෙක් ඇරෙන්න කවුරුවත් ඔකා අභියෝගයට ලක් කරලා නැහැ . ඒ කෙනා නඩුවෙන් ගැලුවුනා

:       0       11

de silva berlin Wednesday, 29 October 2025 04:17 PM

බැලුම් පුම්බලා ලේවල මධ්‍යසාර සාන්ද්‍රණය තීරණය කරන්න බැහැ. හරි නම් පිළිගත් වෛද්‍යවරයෙක් විසින් ලේ සාම්පලයක් අරන් රුධිර සාම්පලයේ මධ්‍යසාර සාන්ද්‍රණය, පිළිගත් රසායනාගාරෙකින් පරික්ෂා කර වාර්තාවක් ගන්න ඕනේ.., දඩය නියම වෙන්න ඕනේ රුධිරයේ තිබෙන මධ්‍යසාර ප්‍රතිශතය අනුව...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1924 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1533 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site