(ටී.කේ.ජී.කපිල)
ආඩිඅම්බලම ප්‍රදේශයම බිය වද්දා ගනිමින් මංකොල්ලකෑම්, පැහැරගැනීම් සිදු කළ "බලු මූණා" කටුනායක පොලීසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ (29) සවස අත්අඩංගුවට ගෙන තිබේ .
කාලිංග නලීන් මධුසංඛ නොහොත් බලු මූණා ආඩිඅම්බලම , සරණතිස්සගම පදිංචි 26 හැවිරිදි අවිවාහකයෙකි .
මොහු තවත් කල්ලියක් සකස් කර ගෙන ගෙවල් බිදීම්, මංකොල්ලකෑම්, කඩු කිනිසි පෙන්වා මහමඟ ධාවනය වන වාහන පැහැර ගැනීම් සිදු කරමින්, මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙන සිටින බවට පොලීසියට පැමිණිලි ලැබී තිබූ බව පොලිස් ප්‍රකාශකවරයෙකු පැවසීය .
මීට අමතරව හෙරොයින් පානය කිරීම පිළිබඳව 54 වගන්තිය යටතේ 06 වරක් මොහු අධිකරණය හමුවේ චෝදනාවට ලක් වී තිබේ.
අත් අඩංගුවට ගැනීමෙන් පසුව මොහු විසින් පැහැර ගත් යතුරු පැදි දෙකක් කොළඹ ප්‍රදේශයට උකස් තබා තිබියදී කටුනායක පොලීසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
ආඩිඅම්බලම ප්‍රදේශවාසීන් මොහු අත් අඩංගුවට ගැනීම පිළිබඳව කටුනායක පොලීසියේ නිලධාරීන් හමුවේ සිය බලවත් ප්‍රසාදය පළ කර තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත කටුනායක පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.කේ.ඒ.ඒ. නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල රත්නායක , උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි , පොලිස් සැරයන්වරුන් වන 37371 සුනිල් , 50978 සරත් , 13860 සුරිය බණ්ඩාර , පොලිස් කොස්තාපල්වරුන් වන 33249 අනුෂ්ක , 43099 කුමාරසිංහ , 101660 සමරසිංහ සහ 96810 පල්ලෙගෙදර යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරති .
මොහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (30) ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’බලු මූණා’’ අත්අඩංගුවට
ගීත් Friday, 30 December 2022 02:23 PM
තව ටික කාලෙකින් අප හමුවුණාට පස්සේ ආයේ පරණ වැඩම කරාවි...!