IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බැලූ බැල්මට

  • බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ උඩ කහගල දී වෑන් රියක් පෙරළීමෙන් කාන්තාවක් මියගොස් හතර දෙනකු දියතලාව රෝහලට ඇතුලත්කරන ලද බව පොලිසිය කියයි.
  • හම්බන්තොට මිරිජ්ජවිල දී දර කැඩීමට කැලයට ගිය කාන්තාවක් (82) වල් අලි ප්‍රහාරයකට ලක්ව සඳුදා රාත්‍රී මියගියාය. 
  • ආණමඩුවේ මහ උස්වැව දී යතුරුපැදියක් හා ලොරියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
  • ඇල්පිටියේ පිටිගල දී බෑණාගේ පහරදීමෙන් 70 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 
  • බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකාරවරිය ඇතුළු කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
  • නවීන කාරයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසිප්පු ලීට 438ක් සමග සැකකරුවන් තිදෙනකු මොරටුව කොරලවැල්ලේ දී අත්අඩංගුවවට ගත් බව පොලිසිය කියයි.
  • පොතුවිල් ධාරම්පලාව රක්ෂිතයේ නිදන් සෙවීමේ යෙදී සිටි හත් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
  • පල්ලම විජයකටුපොත දී අනවසර මත්පැන් නිෂ්පාදනයේ යෙදී සිටි කාන්තාවක් කසිප්පු බෝතල් 50ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

බැලූ බැල්මට

අනුර Tuesday, 19 August 2014 08:47 AM

රෙජි මහතා කිවුවා වගේ හැමදාමත් මේ පුවත්ම තමයි (නි)

:       0       0

රිකාස් Tuesday, 19 August 2014 09:05 AM

රට වැද්දන්ගේ යුගයට පියනගනවා. මෙහෙම ගියොත් ලෝකෙන් රට කොන්වෙන දවස වැඩි ඈතක නැහැ. මේ සේරටම මුල රටේ පවතින දේශපාලන සදාචාරය. මෙය වහාම වෙනස් විය යුතුයි (නි)

:       0       0

චින්තක Tuesday, 19 August 2014 09:15 AM

මේ රට ගැන පහත් ලෙස හිතන මිනිසුන් ලෝකයේ වෙන රටවල වෙන දේවල් දන්නේ නැහැ. (නි)

:       0       0

රෙජි -සිඩ්නි Tuesday, 19 August 2014 02:24 AM

දැන් අපේ රටෙන් හැමදාම අහන්න ලැබෙන්නේ මේ වගේ පුවත්. (නි)

:       0       0

හෙසා Tuesday, 19 August 2014 01:02 PM

ඔව් එය සත්‍යයක්. අද දවසේ අහන්න, දකින්න, කියවන්න ,තියෙන්නේම 95% ක්ම කපල කොටලා පුච්චලා මිනීමැරීම් කොල්ලකෑම්,සහ මාර්ග අනතුරු. නීතියේ තරම නෙමෙයි ද ඒ ? (අ)

:       0       0

රූපවතී Tuesday, 19 August 2014 03:40 AM

රටක් වශයෙන් පිරිහීමට පත්වෙන්නේ මිනිසුන්ගේ ආකල්පයන් ක්‍රියාවන් පිරිහුනාමයි. ඒවාගේ ප්‍රතිවිපාක තමයි හැමදාම අපි මේ කියවන්නේ. තව ටික දවසකින් අපේ රටටත් ආසියාවේ සෝමාලියාව කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ධම්ම Tuesday, 19 August 2014 05:16 AM

හොඳට කියවලා බලන්න මේ මිනිසුන් සිල් පද පහම කඩලා. පානාතිපාතා,අදින්නාදානා, මුසාවාදා, කාමේසුමිච්චාචාරා, සුරාමේරය . (දී)

:       0       0

රේණුක Tuesday, 19 August 2014 08:27 PM

වෙන රටවලත් ඕනෑතරම් මේ වගේ දේවල් වෙනවා. හැබැයි වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබෙනවා. මෙහෙ වගේ බේරිලා ඉන්න බැහැ.ඒකයි වෙනස. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site