IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


බාලා තම්පෝ කළුරිය කරයි

වෘත්තීය සමිති නායකයකු, ලංකා සම සමාජ පක්ෂයේ පුරෝගාමියකු, අපරාධ නඩු පිළිබද නීතිවේදියකු වූ ලංකා වෙළෙඳ සේවක සංගමයේ ලේකම් බාලා තම්පෝ (92) කොළඹ පෞද්ගලික රෝහලක දී අද අභාවප්‍රාප්ත විය.

අවසන් කටයුතු ලබන සිකුරාදා (05) බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට අදහස් කරන බවත් වැඩි විස්තර අද සවස පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් පසු දැනුම් දෙන බවත් ලංකා වෙළඳ සේවක සංගමය කියයි.

ඔහු ලංකා විශ්ව විද්‍යාලයයෙන් හා ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් බීඑස්සී උපාධිය දිනා ගත්තේය.

තම්පෝ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළේය. 1947 දී රජයේ සේවයෙන් පහ කිරීමෙන් පසුව ඔහු ලංකා වෙළෙඳ සේවක සංගමයට බැඳුණේය.

(බාලා තම්පෝගේ 92 වැනි ජන්ම දිනය වෙනුවෙන් එසැණ පල කළ ලිපිය)

බාල තම්පොට 92යි : සතියට දවස් හයක් වැඩ

 



අදහස් (0)

බාලා තම්පෝ කළුරිය කරයි

විදුරන්ග Monday, 01 September 2014 05:10 PM

බී.තම්පෝ වෘත්තීය සමිති සහෝදරයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රායෝගික උගතෙකි. බුද්ධිමතෙකි. මෙතුමාගේ අගයකළ යුතු විශේෂ ගුණයන්ව පැවතියේ නිරහංකාරබව, චාම්බව සහ ඉතාම සරල දිවි පැවැත්මයි. ඉතාමත් අගය කළයුතු පරමාදර්ශී චරිතයක්ම විය. මෙතුමාගේ දැනුමෙන්, බුද්ධියෙන්, පළපුරුද්දෙන් රට වෙනුවෙන් ලබා ගතයුතුව තිබුන ප්‍රතිලාභ කිසිම රජයකින්වත් ලබාගැනීමට උත්සුක නොවීම රටේ අභාග්‍යයකි. මහා වීරයාණෙනි, අපේ විප්ලවීය ආචාරය!!! (නි)

:       0       0

කීර්ති Tuesday, 02 September 2014 09:51 AM

නියම කම්කරු නායකයෙක්.ඔබට නිවන් සුව! (නි)

:       0       0

සිරි Monday, 01 September 2014 06:08 PM

පුංචි මිනිසා සමඟ හැමදාම සිටි වාමාංශික කම්කරු නායකයෙක්. (නි)

:       0       0

කුමාර් Monday, 01 September 2014 07:04 PM

කම්කරු සමාජය තුළ මා දුටු එකම අවංක පුද්ගලයා ඔහුය (නි)

:       0       0

අශාන් Monday, 01 September 2014 08:58 PM

වැඩකරන ජනතාව වෙනුවෙන් අවංකව හඩනැඟූ ශ්‍රේෂ්ඨ නායකයෙක්. මගේ උත්තමාචාරය ! (නි)

:       0       0

සත්‍යයා Monday, 01 September 2014 11:22 PM

මෙරටේ සම්ප්‍රදායික වාමාංශික පක්ෂවල දේශපාලන ප්‍රතිවිරෝධතා ඉදිරියේ නොසැළී ඍජු ප්‍රතිපත්තියක් ඇතුව ක්‍රියාකළ සැබෑ කම්කරු නායකයෙක් ලෙස මෙතුමා ලංකා ඉතිහාසයට එකතු වී බොහෝ කල්. ඔබට විමුක්තියක්ම වේවා! (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 01 September 2014 11:42 PM

ඔබ නියම කම්කරු නායකයෙක්.නිවන් සුව ! (නි)

:       0       0

ධම්ම Monday, 01 September 2014 10:52 AM

පසුගිය මැයි රැලියේත් අපි ඔහු දුටුවා. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (ස)

:       0       0

ජගත් Monday, 01 September 2014 10:52 AM

මම කැමතිම පුද්ගලයා ඔබයි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

ලුම්බිණි Monday, 01 September 2014 11:17 AM

එකම ප්‍රතිපත්තියේ හිටි ගරු කළ යුතු නායකයෙක්. මගේ උපහාරය සහ කණගාටුව! (නි)

:       0       0

ෂෙල්ටන් Monday, 01 September 2014 11:16 AM

ඔබ කළ සේවය වගේම ඔබගේ දරුවන් කරන සේවයත් රටට ආඩම්බරයක් (නි)

:       0       0

නිමල් Monday, 01 September 2014 11:29 AM

චරිතයේ කිසිදු කැළලක් නැති ශ්‍රේෂ්ඨ මිනිසෙක් (නි)

:       0       0

ශාන්ත Monday, 01 September 2014 11:46 AM

නියම කම්කරු නායකයෙකුට හිටියේ මෙතුමා පමණයි, මට නම් (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 02 September 2014 01:23 PM

ගසා නොකෑ එකම කම්කරු නායකයා ඔබතුමායි. ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

ප්‍රසන්න ප්‍රියදර්ශණ Monday, 01 September 2014 12:16 PM

ඔබ නියම කම්කරු ප්‍රජාව වෙනුවෙන්ම නැගීසිටි පුරෝගාමී වීරයෙක්. ඔබ වැනි නායකයන් නැවත නැවතත් ලංකාවේම ඉපදේවි. අපේ දුප්පත් කම්කරුවන් නැවත නැවතත් අවදිකිරීමට, ඔබට නැවත ඉපදීමට කම්කරුවන්ගේ ආශීර්වාදය ලැබේවා (නදී)

:       0       0

චින්තක Monday, 01 September 2014 12:26 PM

ඔබතුමාගෙන් රටට වූ මෙහෙය අතිමහත්. ඔබතුමාට නිවන් සුව අත් වේවා.(නදී)

:       0       0

ටෙනිසක් Tuesday, 02 September 2014 03:37 AM

මැරෙන තුරුම සිතින් හා ගතින් ඔහු තරුණයෙක්. එනිසාම 18 තරුනයාටත් ඔහු සහෝදරයෙක්ම විය. ඉතිරිය විදුරංග සොයුරා පවසා ඇත. අපේ විප්ලවීය ආචාරය. (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Monday, 01 September 2014 12:39 PM

අවංක කම්කරු නායකයෙක් . තනතුරු සහ බලය කිසි විටක නොමනා විදියට හැසිරුවේ නැහැ . ඔබට අමා මහා නිවන් සුව පතමි.(අ)

:       0       0

නන්ද Monday, 01 September 2014 12:48 PM

නොවෙනස් ප්‍රතිපත්ති වලින් යුතුවූ පිරිසිදු සමාජවාදියෙක් රටට අහිමි වුණා. මගේ ප්‍රණාමය ඔබට උතුමාණෙනි. (නි)

:       0       0

ඇන්ඩෲ Monday, 01 September 2014 01:14 PM

කම්කරුවන්ව පාලනය කරගෙන හිටියේ මේ කට්ටිය තමයි. ධනපති පන්තිය මේ අයට ණය වියයුතුය. (නි)

:       0       0

අචිනි Monday, 01 September 2014 01:37 PM

දැනට ඉන්න නමට කම්කරු නායකයන්ට නියම ආදර්ශයක් ගත හැකි නායකයෙක්. ඔබතුමාට නිවන් සුව පතමි ! (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 September 2014 01:37 PM

අහෝ! එතුමාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ඉසුරන්දි Monday, 01 September 2014 01:54 PM

ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

දිමුතු Tuesday, 02 September 2014 05:03 AM

හොඳ අවංක බොරු නොකියන කම්කරු නායකයෙක්. වාසියට කතා නොහදපු නායකයෙක්. එතුමාට නිවන් සුව පතමු.(දිල්)

:       0       0

නිලන්ත Tuesday, 02 September 2014 05:40 PM

ජාතියේ පිනට පහළ වූ අවංක කම්කරු විරුවාණෙනි, ඔබගේ හදිසි වියෝව ඇසීමෙන් මා බලවත් කම්පාවට පත්වුණෙමි. ඔබ වැනි නායකයෙකු නැවත මේ ලෝකයට පහළ නොවනු ඇත. විරුවාණෙනි, ඔබ නැවත අප රටේ ඉපදුන මැනව. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 02 September 2014 05:32 AM

පීඩිත ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ගමන් අත්‍යාවශ්‍ය සේවා වර්ජනය කරවමින් පීඩිත ජනතාවගේ ගෙළ සිරකරන වෘත්තීය සමිති නායකයන් සිටින රටේ බාල තම්පො කියන්නෙ ජනතාව ගැන හිතලා වැඩ කරපු නියම වෘත්තීය සමිති නායකයෙක්.(දිල්)

:       0       0

ජානක Monday, 01 September 2014 03:10 PM

සත්‍ය කම්කරු නායකයෙකුට හිටියේ මෙතුමා පමණයි. ජාති කුල ආගම් නෙසළකා සැබෑ වෘත්තීය සමිති නායකයකු ලෙස අවුරුදු 67 කට වැඩි කාලයක් ජනතාවට සේවයකළ මෙතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙතුමා කම්කරුවන්ගේ පිනට පහළ වූ පුද්ගලයෙක් (නි)

:       0       0

චින්තන දේශවිමල Tuesday, 02 September 2014 07:37 AM

නිවන් සැප ලැබේවා...!!! (නි)

:       0       0

කැළුම් Monday, 01 September 2014 03:15 PM

ශ්‍රේෂ්ඨ කම්කරු නායකයෙක් රටට අහිමිවුණා. බලවත් ශෝකය! (නි)

:       0       0

නිහාල් Monday, 01 September 2014 03:17 PM

මුදලට කම්කරුවන් පාවාදෙන අවදියක කම්කරුවා වෙනුවෙන් හඬ නැඟූ ඔබට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

රන්ජිත් Tuesday, 02 September 2014 08:21 AM

ආවා,හිටියා, වැඩ කළා, ගියා. දැන් මතකය පමණකි. සරල ජීවිතයක් ගතකරමින් අන් අයට සේවය කළ ඔබතුමාට නිවන් සුව පතමි. (නි)

:       0       0

සදුනි Monday, 01 September 2014 03:36 PM

ශ්‍රේෂ්ඨ මිනිසෙකි. ඔබට නිවන් සුව!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 390 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 655 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 418 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 710 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1334 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 629 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1303 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site