IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බැලේ ගුරුවරිය ලංකාවේ

2015 වර්ෂ අවසාන පරීක්ෂණයට සහභාගිවීමට කොළඹ රුසියා බැලේ හා නර්තන පාසලේ සිසුන්ගේ කුසලතා අධීක්ෂණය කිරීම සඳහා රුසියා බැලේ ගුරුවරියක මෙන්ම නර්තන නිර්මාණ ශිල්පිනියක ද වන ඔක්සානා කාර්නොවිච් සිකුරාදා (16) මෙරටට පැමිණෙන බව කොළඹ රුසියා මධ්‍යස්ථානය පවසයි.

ඔක්සානා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් රුසියා බැලේ සහ නර්තන පාසලේ සිසුවියන්ගේ කුසලතා ඔප් නැංවීම සඳහා වන වැඩමුළු කිහිපයක් ද පැවැත්වෙන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ඔක්සානා  ලබන 24 තෙක් මෙරට රැඳි සිටිනු ඇත.

1972 වසරේ උපත ලැබූ ඔක්සානා, සුප‍්‍රසිද්ධ අල්මා ආටා බැලේ පාසලට ඇතුළත් වූයේ 1982 දීය. ඇය බැලේ නර්තන ශිල්පිනියක වන තමාරා කොසෝවාගේ ශිෂ්‍යාවකි. 1986 දී වැඩි දුර බැලේ නර්තනය ප‍්‍රගුණ කිරීමට නොවෙසිබි‍්‍රස්ක් බැලේ පාසල සමඟ එක් වූවාය. ඒ අනුව, අසමසම බැලේ නර්තන ශිල්පිනියක ලෙස සැළකෙන ඇලීසියා නිකිෆොරෝවා යටතේ බැලේ නර්තනය ඉගෙනිමට ඔක්සානාට අවස්ථාව උදා විය.

 

simg_584922 simg_151025

Zelandia_207[1]

 



අදහස් (0)

බැලේ ගුරුවරිය ලංකාවේ

දිල්රුක්ෂි Thursday, 15 October 2015 07:31 PM

හේමන්ත ලංකාවේ සංගීත ප්‍රසංග වල මඩේ නටන කෙනෙක් වගේ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 15 October 2015 09:13 PM

හේමන්ත බයවෙන්න එපා. ළඟදීම එනවා බයිලා කණ්ඩායමක්.අපි ඒක බලමු. (නි)

:       0       0

කපුගේ Friday, 16 October 2015 08:00 AM

අනේ හේමන්ත දන්න බැලේ? (නි)

:       0       0

දුමින්ද Thursday, 15 October 2015 12:06 PM

ලඳක්.. ලඳක්... සොඳුරු ලඳක්.... (ර)

:       0       0

සංජීව Friday, 16 October 2015 12:38 AM

හේමන්ත ඉල්ලන් කනවා. බැලේ රස විදින්න උසස් රසවින්දන හැකියාවක් තිබෙන්න ඕනෑ. ඒක නැති අයට මේක මෝඩ නැටුමක් තමයි. (නි)

:       0       1

එරංග Friday, 16 October 2015 01:18 AM

ලස්සනයි (නි)

:       0       0

ගගන Friday, 16 October 2015 01:27 AM

ඇත්තටම ලස්සනයි (නි)

:       0       0

මාලක Friday, 16 October 2015 01:28 AM

ඉතාම විශිෂ්ටයි. ඕනෑම බැලේ ශිල්පිනියකගේ ඉහළම ප්‍රාර්ථනාව (නි)

:       0       0

හේමන්ත Thursday, 15 October 2015 01:41 PM

කිසි වැදගැම්මකට නැති නැටුමක් මේක. (අ)

:       0       0

නිශාර්ඩ් Friday, 16 October 2015 03:26 AM

යම් යම් කලා නිර්මාණ බලන්නත්, ඒවා බලා රස විඳින්නත් පුළුවන් ඥාන ශක්තියක් තිබීමත් එක්තරා විදියක වාසනාවක්. ඒක හැමෝටම නැහැ. (නි)

:       0       0

චන්දිම Friday, 16 October 2015 04:26 AM

ඉතා හොඳයි (නි)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 15 October 2015 04:57 PM

හේමන්ත, ප්‍රසාංගික කලාව කියන්නේ එක එක්කෙනාගේ රුචිකත්වය අනුව සිදුවන දෙයක්. රස විඳින කෙනා රස විඳින අතර, ඊට කැමති නැති කෙනා වෙන වැඩක් බලා ගන්න එකයි තියෙන්නේ. මෙතන මෝඩ කම ප්‍රදර්ශණය කරන්න එපා. (බ)

:       0       0

අනුර Thursday, 15 October 2015 05:05 PM

ගරු හේමන්ත මහතා වෙතටයි.. ලිඳේ ඉන්න.... දැකලා තියෙන්නේ තිත්තයෝ උඩ පනින එක විතරයි! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site