(සුජිත් හේවාජුලිගේ )
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් කිහිපයකට බෙදා හැර තිබූ ඖෂධ බෝතල් 6000 ක තොගයක් තත්වයෙන් අසමත් බවට තහවුරුවීම හේතුවෙන් එම ඖෂධ බෝතල් ( පාවිච්චි කර ඉතිරිව තිබූ කොටස) 2021 වර්ෂයේදී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
එම ඖෂධ තොගය තත්වයෙන් අසමත් බවට හඳුනාගන්නා විට ඉන් සියයට 98 ක ප්‍රමාණයක් රෝගීන්ට ලබාදී අවසන්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
හෘද,අක්මා, වකුගඩු රෝග හා අධි රුධිර පීඩන වැනි රෝග තත්වයන් සඳහා භාවිතා කරන මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා රේගුවෙන් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 24 වැනිදා නිදහස් කිරීම සඳහා පෞද්ගලික සමාගමකට නිදහස් කිරීමේ ලිපිය නිකුත් කරනු ලැබ ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විසිනැයිද එම වාර්තාව සඳහන් කරයි.
මේ සිරෆ් බෝතල් තොගය 2021 අප්‍රේල් 19 දින වෛද්‍ය සැපයීම් අංශයට ලැබීමෙන් පසු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් කිහිපයකට මෙසේ බෙදා හැර තිබූ බව කියති.
මෙම ඖෂධ තොගය රට තුළට පැමිණියේ ඖෂධයේ තත්වය පිළිබඳ ලේඛන හෝ සාම්පල ඇගයීමක් හෝ නොකර නිදහස් කිරීමේ ලිපි ලබාදීම හේතුවෙන් බවත් තත්වයෙන් අසමත් ඖෂධ රෝගීන්ට මෙලෙස ලබා දීමෙන් සිදුවන හානිය මැනිය නොහැක්කක් බවත් එම විගණන වාර්තාවේ සඳහන් වේ.
ජීවිතයක් බේරා ගැනීමට හෝ බෝවන රෝග හෝ වසංගත රෝගයක් පැතිරීම වැළැක්වීමට හෝ ජාතික අවශ්‍යතාවයක් හා ජාතික ආරක්ෂාව වැනි විශේෂ අවස්ථාවලදී පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වගන්තිය ප්‍රකාරව ඖෂධ නිදහස් කිරීමේ ලිපි නිකුත් කළ හැකි නමුත් එවැනි ගණයට නොවැටෙන ලියාපදිංචි අවලංගුවීම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටීම, ලියාපදිංචි සැපයුම්කරුවන් ලංසු ඉදිරිපත් නොකිරීම වැනි හේතු මත 2020 වර්ෂයේදී භාණ්ඩ නිදහස් කිරීමේ ලිපි 81ක් නිකුත් කර තිබූ බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
412
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාල ඖෂධ බෝතල් 6000 ක් කුණු කූඩෙට
චන්දන Monday, 13 March 2023 04:18 PM
මේවා ලංකාවට හොරෙන් ගෙනාපුවා නොවෙයි. මේවා ගෙන්වා ගත්තේ කව්ද? එයාලාට විරුද්ධව ක්‍රියාත්මක කරන්න නීතිය නැත්ද?