IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


බාලවයස්කාර දැරියකට උපත් පාලන සැත්කමක් කිරීම ගැන වහාම පරීක්ෂණ කරනු

(මනෝප‍්‍රිය ගුණසේකර)

අතවරයට ලක් වු බාලවයස්කාර දැරියකට හම්බන්තොට රෝහලේදී ස්ථීර උපත් පාලන සැත්කමක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් පිළිබඳ වහාම පරික්‍ෂණයක් පවත්වන ලෙස වැල්ලවාය මහෙස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු කේසර සමරදිවාකර මහතා ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයාට හා වෛද්‍ය සභාවට අද(9) නියම කළේය.

අතරවරයට ලක්වු බව කියන දැරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇගේ වම්අතේ උඩ බාහුවේ විශාල තුවාලයක් වෙළුම් පටියක් යොදා ඇති අයුරු නිරීක්‍ෂණය කළ දිසා විනිසුරුවරයා ඒ පිළිබඳ දැරියගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී හම්බන්තොට රෝහලේදී තමාට උපත් පාලන සැත්කමක් සිදුකළ බව හෙළි කිරීම නිසා එම නියෝගය ලබා දුන්නේය.

පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු තොරතුරකට අනුව බාලවයස්කාර දැරියකට අතවර කරන ලදැයි කියන සිද්ධිය පිළිබඳව තණමල්විල  පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

 



අදහස් (11)

බාලවයස්කාර දැරියකට උපත් පාලන සැත්කමක් කිරීම ගැන වහාම පරීක්ෂණ කරනු

Nimal Thursday, 09 March 2017 04:47 PM

කෝ අර ජීඑම්ඕ ද මොකක්ද එකයි එස්එල්එම්සී එකයි? මෙව්වට කෑගහන්නේ නැද්ද ?

:       0       0

Indika Thursday, 09 March 2017 04:57 PM

තව වෛද්‍යවරුන්ට උද්ගෝෂණ කරන්න දෙන්න.

:       0       0

සමින්ද Thursday, 09 March 2017 05:34 PM

වම් අතේ උඩබාහුවේ කරන සැත්කමක් කිසිම දවසක ස්ථීර උපත් පාලන ක්‍රමයක් වෙන්නේ නෑ. ඔය කියන්නේ ජඩෙල් කියන උපත්පාලන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය හරහා උපරිම අවුරුදු 5-10 කාලයකට පමණයි ගර්භාෂය තුල දරු උපතක් සඳහා අවශ්‍ය හෝමෝන වටපිටාව සකස් වෙන්නේ නැත්තේ. ඒත් ඒක හරි බලහත්කාරයෙන් සිදුකළානම් බරපතල වරදක්. මොකද කාන්තාවකගෙන් එවැනි කෙටි කාලීන හෝ දීර්ඝකාලීන උපත්පාලන ක්‍රමවේදයක් සිදුකරන්න පෙර ලිඛිතව අභිමතය පලකරන්න ඕන.

:       0       0

sanath Thursday, 09 March 2017 06:41 PM

වම් අතේ උඩ බාහුවේ ද පැලොපියන් නාළය තියෙන්නේ?

:       0       0

ranjith Thursday, 09 March 2017 11:42 PM

අතවර තව කරන්න පහසු වෙන්න ඇති උපත් පාලන සැත්කම කරන්න ඇත්තේ මුන්ටනම් හෙණ ගහන්න ඕනේ

:       0       0

ලුම්බිණි Friday, 10 March 2017 01:25 AM

කෝ අපේ දොස්තරලගේ සංගමේ? හැම එකටම විරෝධය පාන එකේ මොකද මේකට සද්දේ නැත්තේ?

:       0       0

උදාර ජයසඅංහ Friday, 10 March 2017 04:34 AM

මේක ලිව්ව කෙනාව පවුල් සංවිධාන සංගමයට රැගෙන ගොස් ප්‍රජනන සෞඛ්‍යය ගැන මුල සිට ඉගැන්විය යුතුය.

:       0       0

ඉරාන් Friday, 10 March 2017 04:45 AM

දැං එතකොට ඒ ළමයට ඔය අතවර කරපු කෙනාට දාව ළමයෙක් ලැබෙන්න අරින්න කියලද කියන්නෙ..?

:       0       0

ජීවන්ත Friday, 10 March 2017 04:48 AM

වම් අතේ උඩ බාහුවේ තැන්පත් කරන්නේ තාවකාලික උපත් පාලන ක්‍රමයක් අවුරුදු 5ක් උපරිම කාලයකට ආරක්ෂාව සැපයෙනවා, නිරන්තරයෙන් අතවරයට ලක් වන්නේ නම් අවුරුදු 18 වනතෙක් හෝ ගැබ් ගැන්වීම් වලින් ආරක්ෂා කර ගැනීමට මෙවැනි පියවරකට යොමු වූවා විය හැකියි.

:       0       106

MBS Friday, 10 March 2017 05:28 AM

සමහර විට මේ දොස්තර මහත්තයා සයිටම් එකෙන් වෙන්න ඇති

:       10       0

ඉරාන් Friday, 10 March 2017 06:41 AM

දැං මේ පොඩි ළමයව ඒ මිනිහ නිසා ගැබ්ගන්න ඉඩ දෙන්න කියලද කියන්නෙ එතකොට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1041 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site