බොලිවුඩයේ ධනවත්ම නිළිය ජූහී චවුලා යැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 2024 වර්ෂය සඳහා ‘හුරුන් ඉන්දියා රිච් ලිස්ට්’ හෙවත් ‘ධනවත් ඉන්දියානුවන්ගේ ලැයිස්තුව’ පසුගිය දා ප්‍රසිද්ධිය පත් කෙරුණු අතර, ඒ අනුව, බොලිවුඩයේ ධනවත්ම නිළිය වන්නේ ජූහී චවුලාය. ඇගේ ශුද්ධ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4,600 ක් යැයි පැවැසෙයි.
ජූහී චවුලා 80 දශකයේත් 90 දශකයේත් ජනප්‍රිය බොලිවුඩ් නිළියකි. 1984 වසරේ ‘මිස් ඉන්දියා’ කිරුළ හිමිකර ගත්තේ ජූහී චවුලාය. ඇය සිනමාවට පිවිසියේ 1986 වසරේ ‘සුල්තාන්’ චිත්‍රපටයෙනි.
ජූහී චවුලා විවාහ වී සිටින්නේ ජායි මෙත්තා නමැති ව්‍යාපාරිකයා සමඟය. ෂාරුක් ඛාන් සමඟ ‘කොල්කොටා නයිට් රයිඩර්ස්’ අයිපීඑල් ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකරු වන්නේ ද ජූහී චවුලාය. බොලිවුඩයේ ධනවත්ම නළුවා ලෙස තව දුරටත් අංක එක ස්ථානයේ පසුවන්නේ ෂාරුක් ඛාන්ය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොලිවුඩයේ ධනවත්ම නිළිය ජූහී චවුලා
Priyantha Dissanayake Monday, 02 September 2024 12:56 PM
පෙර සසරේ කළ අපූර්වවූ පුණ්‍ය ශක්තියක් ඇස්දෙකෙන් සිනාසෙනවා. සෑම මොහොතකම නිරහංකාර සිනහවකින් මුහුණ පිරිලා. දකින කෙනාට මොහොතකට තම ප්‍රශ්න අමතක වෙනවා. එනම් දුටුවන් වශීකරන සිනහවක් නමුත් විශේෂත්වය සරාගී නැහැ. සුවිශේෂ පුණ්‍ය ශක්තියක්.
බද්රානි Monday, 02 September 2024 01:45 PM
ඇය තමන්ගේ දක්ෂකම් වලින් මුදල් හම්බ කරගත් අයෙක්... ඒකටත් එක්ක ලංකාවේ සමහරක් හම්පඩ නිළියන් දේශපාලකයින්ට ආවඩා ගාණක් පොකට් එකට දාගන්නයි දඟලන්නේ.... කට හැකර වාචාලයින් දේශපාලන වේදිකාවල තප්පුලනවා.