IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බෙල්ලන මහ නා හිමි අපවත්වෙති

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඥානවිමල මහ නාහිමියන් (95) කොල්ලුපිටිය වාළුකාරාමයේදී අපවත් වූහ.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ පාලි සංස්කෘත ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක ප්‍රවීණත්වය ලැබූ හිමි නමකි. ඥානවිමල හිමියෝ  අනගාරික ධර්මපාලතුමන්ගේ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා ඉන්දියාවේ ධර්ම දූත සේවාවේද නිරතවූ අතර ලන්ඩනයේ තේම්ස් භාවනා මධ්‍යස්ථානය මූලික කරගනිමින්ද ධර්ම දූත සේවාවේ යෙදුනහ. උන්වහන්සේ රචනා කරන ලද ‘‘පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්” නම් ග්‍රන්ථය වඩාත් කථාබහට ලක්විය.

z_p24-Hatred01

 



අදහස් (0)

බෙල්ලන මහ නා හිමි අපවත්වෙති

රොෂාන් Sunday, 05 October 2014 01:00 PM

නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

මහරගම සෝමරතන Sunday, 05 October 2014 01:07 PM

අනේ අපට දැන් කාගේ පිලිසරනක්ද. කිසිදු දේශපාලනයක් නොකළ නා හිමියන් අපට ආදරේ කළහ. මින් පස්සේ අපේ දුක කියන්න කෙනෙක් නැහැ. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

හේමන්ත Monday, 06 October 2014 06:36 AM

පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් කියවීම නිසා යථා අවබෝධයෙන් දහම් මගට පිවිසිමට මට හැකිවිය. මා වැනි බොහෝ දෙනෙකුට එසේ වන්නට ඇත. ඔබ හැබෑ සංඝ පිතෘ වහන්සේ නමකි. නායක ස්වාමින්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නදී)

:       0       0

අමිල ගමගේ Sunday, 05 October 2014 02:19 PM

නිවනින් සැනසුම් ලබත්වා (නදී)

:       1       0

අරුණ Sunday, 05 October 2014 03:44 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

සිරිමෙවන් Sunday, 05 October 2014 04:45 PM

බුද්ධිමත් මහා පඬිරුවනක් වූ මේ හිමිපාණන්ගේ නැණ පහනින් බුද්ධ දර්ශනය, සිංහල සාහිත්‍යය පමණක් නොව වෙනත් සාහිත්‍ය අංගද එකලු විය. නායක මාහිමියන්ගේ අපවත්වීමෙන් ශාසනයට ඇති වූ අඩුව පිරවීම අපහසු කාර්යයක් වනු ඇත. උන්වහන්සේට උතුම් වූ අමා මහා නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවා! (නි)

:       0       0

වතෝගල ධම්මික හිමි Sunday, 05 October 2014 04:47 PM

මරදානේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේදී අපට කරුණාවෙන් ශබ්ද ශාස්ත්‍ර උගන්වා අපව දිරිමත් කළ අපේ බෙල්ලන මහනායක හිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුවය අවබෝධ වේවා ! (නි)

:       0       0

අතලේ සුමන හිමි Sunday, 05 October 2014 05:41 PM

මහා නායක හිමිනමක් වශයෙන් ඉතාම නිහතමානි සිල්වත් ගුණවත් නායක හිමිනමක්. මහානායක තනතුරත් මේ හිමියන් නිසා බැබලුණා. නිවන් සුව පතමි! (නි)

:       0       0

මංගල Sunday, 05 October 2014 05:56 PM

ඔබ වහසේට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

වතෝගල ධම්මික හිමි Sunday, 05 October 2014 07:40 PM

අපේ දිවිමඟ සරුසාර කරනු සඳහා මාලිගාකන්ද මහා පිරිවෙනේදී මා ඇතුළු සුවහසක් සිසු දරුවන්ට සිප්සතර කියාදුන් අපේ ගුරු හාමුදුරුවන්ට අමාමහ නිවන් සුවය පතමි! (නි)

:       0       0

රන්ජිත් Sunday, 05 October 2014 10:16 PM

මෙවන් ස්වාමින් වහන්සේලා මේ ලොවින් ඈත්වීම ඉතාමත් කණගාටුදායක කරුණක්.මම බෞද්ධයෙක් නොවේ. නමුත් මෙවන් ස්වාමින් වහන්සේලාට මමත් ආදරය කරනවා , ගරු කරනවා.මේ ස්වාමින් වහන්සේ අනගාරික ධර්මපාලතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනගිය උතුමෙක්.මේ වගේ අතිඋතුම් ගතිගුණ තිබෙන ස්වාමින් වහන්සේලා ලංකාවේම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

නිරාන් සෞදි Sunday, 05 October 2014 08:19 AM

මුන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා !! (නදී)

:       0       0

විජිත Monday, 06 October 2014 09:44 AM

නිවන් සුව පතමි. වරක් දැක කතා බහ කිරීමට ලැබුණා. එ්ක හරිම වාසනාවක්. මගේ හදහන විනාඩි කිහිපයකින් බලා ආපසු දී හදහන් අායෙත් බලන්න කරදර වෙන එපා. තමන් ගේ වැඩ කරගෙන යන්න කිසිම දෙයක් වරදින පාටක් නැහැ කිව්වා. උන් වහන්සේගේ අපවත් වීම ගැනේ මම ශෝක වෙනවා. අපිට මෙවන් සික්ෂකාමි යති වරුන් අවශයි. (නදී)

:       0       0

බුද්ධික Monday, 06 October 2014 02:47 AM

ඔබ වහන්සේට නිවන් සැප පතමි (නදී)

:       0       0

තිස්ස සිරි පිටිගලගේ Sunday, 05 October 2014 09:26 AM

හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමි. (නදී)

:       0       0

සංජය Sunday, 05 October 2014 09:31 AM

නිවන් සුව ලැබේවා ! (නදී)

:       0       0

නාලි Monday, 06 October 2014 04:13 AM

උතුම් බුද්ධ පුත්‍රයෙක් රටට අහිමි උනා. ඔබ වහන්සේට සිතන පතන බෝධියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා ! (නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 06 October 2014 04:16 AM

ඔබ වහන්සේට නිවන් සුව! (නදී)

:       0       0

නිශා Sunday, 05 October 2014 11:18 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

සංජීව Sunday, 05 October 2014 12:25 PM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා. අඟහරුවාදා දවසක ආදාහන උත්සවය කරන එක ගැන සතුටු වෙමි (දිල්)

:       0       0

යසස් Sunday, 05 October 2014 12:32 PM

බුදු පුතුනි, ඔබ වහන්සේට මේ සසුනේදීම අමා මහා නිවන් සුව ලැබේවා(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site