
(අංජුල මහික වීරරත්න)
කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීය.
රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකිම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර, අපරාධ මර්දනයට අදාළව ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
COMMENTS
කවුරුවත් බලපෑම් කරන්නේ නෑ! පඩි කකා පහසුවෙන් ඉන්න උන්ට තවත් පඩි වැඩි කරලා වැඩ නොකර බොරුවෙන් කාලය ගත කරනවාට ඔබ තුමා කිසිම පියවරක් නොගැනීමයි ප්‍රශ්නය!
මේ නිලධාරීන්ට එහෙම වැඩකරල පුරුදු නැතුව ඇති. මකවල ගන්න වෙයි.
කවුරැ මොනවා කීවත් දකුණ හදන්න බැහැ. දකුණට දැන් ඉන්න ආණ්ඩුකාරයට වඩා හොදයි රමේෂ් ,කාංචන,චානක,නාමල් වගේ කෙනෙක් පත් කලා නම්. පළාතේ ආණ්ඩුකාරයා කියන්නේ බලගතු චරිතයක්. දකුණු පළාතෙ ආණඩුකාරයා හිටපු පරිපාලන නිලධාරියෙක්. එයා හම්බන්න්තොට ජීඒ වෙලත් ඉදල තියෙනව. ඉතිං මහින්දලා සමග සම්බන්ධ කම් නැති කෙනෙකුට හම්බන්තොට ජීඒ වෙන්න පුලුවන්ද. දැන් මිනිහ කරන්නේ දකුණු පලාතේ පරිපාලන සේවයේ ඉන්න දූෂිතයින් ආරක්ෂා කරන එක.ඒ ඉන්නෙත් අර පරණ කට්ටියම තමයි. නලින්ට මේව තේරෙන්නෙ නැහැ. හැබිය් හදුන්ට තේරෙනවා. මේ තත්ත්වය වෙනන් නොකලොත් දකුණ තව දුරටත් වමට බර වෙන්නෙ නැහැ. ඉදිරි මැතිවරණ ඔක්කොම පරදිනවා. දකුනෙ සියලුම පරිපාලන නිලධාරීන් මාරැ කරල අලුත්ම කණ්ඩායමක් දැන්න. ආණ්ඩුකාරයා පැන්ෂන් යවන්න. නැත්නන් එයා පොලීසියට නියෝග කරාවි. අපි අවධියෙන් ඉන්නෙ. මෙතෙක් කල් කරපු මෙලොව වැඩක් නැහැ. අනික පොලීසි වලත් ඉන්නව දූෂිතයෝ . අනුර මහත්තයට මේව ඔක්කොම බල බල ඉන්න බැහැ. බටපොල පොලීසියට මේ ලගදි හාපු මහත්තය ගැනත් ගමේ කසුකුසුවක් තියෙනවා.
ඔව් ඔව් . ඊට පස්සෙ එන ආණ්ඩු නෙ නඩු අහන්නෙ. දැන් පේනවනෙ කරන වැඩ.
අර බූරුවත් මෙතන ඉන්නවා නේද?