IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බාලදක්ෂ සමාජිකත්වය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්

(යොහාන් භාසුර)

බාලදක්ෂ ව්‍යාපාරයේ සමාජිකත්වය 150,000 දක්වා වර්ධනය කරගැනීම මේ වසරේ ඉලක්කය බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.

විනිවිදභාවය, එකමුතුකම සහ විවිධත්වය යන්න තේමා කරගනිමින් නව වසර සඳහා රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

එම කාර්ය සාර්ථක කරගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය හා එක්ව සිටින සියලුදෙනා කැපවෙන්නැයි ඉල්ලා සිටින බව ප්‍රධාන කොමසාරිස්වරයා කීවේය. පසුගිය කාලයේ බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ඉහළට ගෙන ඒමට හැකි වූයේ ව්‍යාපාරය හා සම්බන්ධ සියලුදෙනාගේ කැපවීම හා උනන්දුව නිසා බව පැවැසූ ඒ මහතා එම සහය ඉදිරියටත් ලබාදෙන්නැයි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බව පැවසීය.

ප්‍රධාන කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. අද වන විට බාලදක්ෂ දිස්ත්‍රික්ක සියල්ලෙහිම බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ප්‍රචලිත වෙමින් තිබෙනවා. දවසින් දවස බොහෝදෙනා අපි සමඟ එක්වෙමින් සිටිනවා. අපිට මේ වසරේ ජයගත යුතු ඉලක්ක කිහිපයක් තිබෙනවා. ඒ අතර සමාජිකත්වය ප්‍රවර්ධනය කරගැනීම, ගුණාත්මක භාවය රැක ගැනීම වගේම මේ වසරේ පැවැත්වෙන ජාතික ජම්බෝරිය සාර්ථකව පවත්වා ගැනීම වැනි කාරණා රාශියක් තිබෙනවා. ජාතික ජම්බෝරිය හරහා සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට වගේම රටට අත්කරගත හැකියි.

කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට වසර 110ක් සැපිරීම නිමත්තෙන් සකස් කළ ලාංජනය එම සංගමය විසින් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට ඇතුළු සහය ප්‍රධාන කොමසාරිස්වරු සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්ට පැලැන්දුහ. මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස් මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි මහත්වරු ඇතුළු, සහය මූලස්ථාන කොමසාරිස්, මූලස්ථාන කොමසාරිස්වරුන්, සහය මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු බාලදක්ෂ නායකයන්, කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 



අදහස් (0)

බාලදක්ෂ සමාජිකත්වය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site