IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බලතල දෙනවා නම් ’ආවා’ කල්ලිය දින දෙකෙන් මැඩපවත්වන බව යුද හමුදාව කියයි

( රොමේෂ් මධුෂංඛ)


යාපනයේ ක්‍රියාත්මක වී ඇති ආවා ඇතුළු කල්ලි මැඩපැවත්වීමට දින දෙකක කාලයක් යුද හමුදාවට ප්‍රමාණවත් බවටත්, එම කල්ලි මැඩපැවත්වීමට තමන්ට අවසරය ලැබෙනතුරු බලා සිටින බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.


ආඥාපතිවරයා මේ බව කියා සිටියේ පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.


එහිදී අදහස් දැක්වූ යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා.


‘ඇත්තටම අපිට මේක දවස් දෙකෙන් නතර කරන්න පුලුවන්. ඒ ගැන කතාවක් නැහැ. නමුත් අපිට පොලිස් බලතල නැහැ. මේ ආවා කල්ලි සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් පොලීසියට පමණයි. නමුත් අපි මේ මේ ගැන රජය දැනුවත් කරල තියෙන්නේ ආරක්ෂක කවුන්සිලය ඇතුලු ජනාධිපතිතුමන් දක්වා ඉදිරියට මේ තත්වය දිගටම තිබුනොත් පොලීසියට අමතරම යුද හමුදාවත් මේක මැඩපවත්වන්න සම්බන්ධ වෙනවා කියල . 


නමුත් අපිට මේ පිළිබඳව තාම උපදෙස් ලැබිල නැහැ. මොකද යුද හමුදාව සිවිල් ජනතාව අතරට ගිහින් ගැටෙන්න ගත්තහම තැනින් තැන ජනතාව පරික්ෂා කරන්න ගත්තහම වෙනත් කට්ටියක් කියයි යුද හමුදාව සිවිල් ජනතාවට හිරිහැර කරනවා කියල.


 ඒනිසයි අපිට තාම උපදෙස් ලැබිල නැත්තේ නමුත් අපිට නුදුරේම මේකට සම්බන්ධ වෙන්න ඉඩකඩ තියනවා . ‘



අදහස් (6)

බලතල දෙනවා නම් ’ආවා’ කල්ලිය දින දෙකෙන් මැඩපවත්වන බව යුද හමුදාව කියයි

සතයපාල Friday, 21 September 2018 07:11 AM

යුද හමුදාවට ප්‍රබල බුද්ධි අංශයක් තිබෙන නිසා අනිවාර්යයෙන්ම මෙය කල හැකිවිය යුතුයි. දැන් ආණ්ඩුව කරන්න ඕනෑ නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරොවෙන් කපන්න සිද්ධ වෙනතුරු බලා නොසිට හමුදාවට අවශ්‍ය බලතල පවරන්න පමණයි. ඒ කියන්නේ සතියකට හෝ දෙකකට උතුරට හදිසි නීතිය පනවා එම ප්‍රදේශවල නීතිය හා සාමය ආරක්ෂා කරන්න යුද හමුදාව කැඳවීම පමණයි. ඒ දේ කරගන්න බැරිනම් මේ ආණ්ඩුවෙන් හෝ ජනාධිපතිවරයාගෙන් රටට වැඩක් නැත...

:       51       387

BamunuarachchiSaturday, 22 September 2018 01:15 AM

හලෝ එතකොට ඔහෙලා කතා කරන ඔය සංහිඳියාවට මොකද වෙන්නේ? උතුර අවුරුදු 10 ප්‍රභාකරන්ට දෙන්න හිටිය මිනිස්සු කොහෙද හලෝ යුද්ද හමුදාවට බලය දෙන්නේ.. යුද හමුදාවට බලය දෙන්න නම් රට දෙන්න ඝෝඨාභය වගේ කෙනෙකුට... කොන්ද පණනැති ගොයියන්ට ඕවා කරන්න තබා හිතන්නවත් බැරිය.

:       60       275

Kularathne Friday, 21 September 2018 10:13 AM

එන ඡන්දෙන් දෙමළ ඡන්ද ටික කඩාගන්න එපැයි. මෙච්චර හෙන ගහන රටේ දූෂිත දේශපාලනඥයින්ට පොඩි ඒවයින් හරි එකක් වදින්නෑනේ ...

:       140       241

Kularathne Friday, 21 September 2018 10:14 AM

එන ඡන්දෙන් දෙමළ ඡන්ද ටික කඩාගන්න එපැයි. මෙච්චර හෙන ගහන රටේ දූෂිත දේශපාලඥයින්ට පොඩි ඒවායින් හරි එකක් වදින්නෑනේ අපොයි...

:       15       60

rohana Saturday, 22 September 2018 12:48 AM

එහෙම බලනකොට සරත් ෆොන්සේකා කියපු එක හරි නේද කට්ටිය බයිලා කිව්වට...?

:       0       28

Sujeevaperera Saturday, 22 September 2018 10:11 AM

අපේ දැන් ඉන්න "බැහැ~පාලන" ආණ්ඩුවෙන් මේ ඉල්ලන බලතල දුන්නොත් මම අවුරුද්දක් තනි කකුලෙන් හිටගෙන ඉන්නවා!

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site