IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බ්ලොග්වරුන්ට අමුතු අත්දැකීමක්

ආසියානු රටක ප්‍රථම වරට පැවැත්වෙන  වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සමුලුවට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවන්ට  ගුවනින් දකුණු පළාත් මුහුදු තීරය වඩා රවුමක් යාමට අවස්ථාව උදාවිය.

ඔවුන් වෙනුවෙන් මෙරට පැවැත්වු වැඩමුලු වලදී විවිධ   දස්කම් පෙන්වු බ්ලොග්කරුවෝ 14 දෙනෙකුට මෙම අවස්ථාව  හිමි විය.

ඇමරිකානු ජාතික ෆවෙල් වොල්කින් යානයේ ගුවන් නියමුවා විය.  දිනුෂ පීරිස්  සහායක නියමුවා විය.    ඉතා දක්ෂ ලෙස යානය හසුරවමින් අඩි 400 ක් පමණ පහතින්  ගමන් ගත් යානය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය හරහා දකුනු ලකේ සුන්දරත්වය පෙන්වීමට ගුවන් නියමුවෝ සමත් වුහ.

සමහර අවස්ථාවලදී වේගය අඩුකරමින්, පහත්කරමින්, ඇලකරමින්  බ්ලොග්කරුවන්ට රිසිසේ එම දර්ශණ ඡායාරූප ගතකිරිමටද ගුවන්  නියමුවෝ ඉඩ සැලසුහ.

යානය ඇලකරන අවස්ථාවලදී බ්ලොග්කරුවෝ උද්දාමයට පත්ව කෑ ගැසුහ.

ගුවන ගමන අවසානයේ  ඔවුහු  ගුවන් නියමුවන්ට ස්තුති කළේ ගුවන් නියමුවා ඉතා දක්ෂ ලෙස යානය පාලනය කළ අයුරු සිහිගන්වමිනි.

සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වෘත්තීය බ්ලොග්කරුවනගේ සංවිධානය සමග එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත.

 1 2 3 4  6 7 8 9 10 12 DSCF2068 DSCF2069 DSCF2076 DSCF2077 DSCF2095 DSCF2104 DSCF2106 DSCF2135 DSCF2145 DSCF2157 DSCF2159 DSCF2161 DSCF2164 DSCF2179

 



අදහස් (0)

බ්ලොග්වරුන්ට අමුතු අත්දැකීමක්

යසංග Tuesday, 18 November 2014 01:58 AM

මගේ රට මොනතරම් නම් ලස්සනද? (නි)

:       0       0

සුභාෂ් Tuesday, 18 November 2014 02:22 AM

ලස්සන ලංකාවක් (නි)

:       0       0

ඉෂාන් Tuesday, 18 November 2014 02:29 AM

අපේ රට ලස්සනයි. අපිට ආඩම්බරයි. නමුත් ලෝකෙ තියෙන ලස්සන එකම රට ලංකාව කියලම හිතන්න එපා. මෙහෙම සිතිවිලි වලින් අපි නොදැනිම මුලාවෙනවා . (නි)

:       0       0

ඉන්දික Tuesday, 18 November 2014 02:35 AM

ඉතාමත් ලස්සනයි. (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 18 November 2014 07:50 AM

තවත් එක් සුන්දර අත්දැකීමක් වෙන්න ඇති මේ පිරිසට ගුවන් ගමන.අහසේ පියාසර කරන කුරුල්ලාගේ දෑසට මේ අලංකාරත්වය කෙසේ දිස්වෙනවා ඇත්ද?(හේ)

:       0       0

ශිරෝ Tuesday, 18 November 2014 03:26 AM

ලස්සන ෆොටෝස්. මෙතන ඉන්න වැඩිදෙනා කාන්තාවන් නේද? මන් හිතන් හිටියේ බ්ලොග්ස් වැඩිපුර කරන්නේ පිරිමි කියලා. (නදී)

:       0       0

චාරුක Tuesday, 18 November 2014 03:29 AM

ලංකාෙව් සිංහෙලන් බ්‍ෙලොග් ලියන ලිපි කියවන්න. (නදී)

:       0       0

වරුණ Tuesday, 18 November 2014 03:37 AM

ගාලු කොටුවේ ගල් බැම්මේ ඇත පේන සිතිජ ඉමේ .....බලන්න කොතරම් සුන්දරද කියා මේ ....අපේ රට (නි)

:       0       0

ටියුඩර් Tuesday, 18 November 2014 03:42 AM

තංගල්ල ප්‍රාදේශීය සභාව ඔය පැත්තේ තමයි තියෙන්නේ (නි)

:       0       0

රසික රුවන් කුමාර Tuesday, 18 November 2014 04:07 AM

බොහොම සුන්දරයි වගේම, මේ වටිනා ජීවිත වල ආරක්ෂාව සම්බන්ධව ඉතාමත් සැළකිලිමත් වියයුතුයි.! (නි)

:       0       0

මවින්ත Tuesday, 18 November 2014 08:38 AM

ලෝකයේ තිබෙන හැම රටක්ම ලස්සනයි .(හේ)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 18 November 2014 05:54 PM

බලන්න දකුණේ ලස්සන (නි)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 18 November 2014 04:25 AM

ප්‍රයෝජනවත් ලෙස සකස් කළ මේ වැඩ සටහනට අපේ ප්‍රණාමය. ශ්‍රී ලංකාව දිනේවා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුව ලබන වසරේ කෝටි 350තට වඩා අඩු වේවා. (ගිය වසරේ කෝටි 3500 ලු).(හේ)

:       0       0

රජින්ද Tuesday, 18 November 2014 05:05 AM

ඉෂාන්ගේ අදහස වටිනවා. (නි)

:       0       0

ශාන්ති Tuesday, 18 November 2014 05:08 AM

හරිම ලස්සනයි, ගොඩක් ස්තුතියි ලංකා දීපයට මේ පින්තූර පල කිරීම ගැන (නදී)

:       0       0

චන්දිම Tuesday, 18 November 2014 05:09 AM

මේ ගොල්ලෝ බ්ලොක් ගලුත් හදනවද? (නදී)

:       0       0

සිසිර Wednesday, 19 November 2014 05:27 PM

කවුද මේ බ්ලොග්වරු කියන්නේ? කවුරුහරි මට කියලා දෙන්න (නි)

:       0       0

රාධික Tuesday, 18 November 2014 05:22 AM

මේ සිනමන් එයාර් නේද? (නි)

:       0       0

ප්‍රියා Tuesday, 18 November 2014 05:22 AM

ඉෂාන්, සහතික ඇත්ත (නි)

:       0       0

ශාන් Tuesday, 18 November 2014 10:07 AM

මේ සුන්දරකම බලාගන්න ලංකාවේ ජනතාවටත් දෙන්න. (ර)

:       0       0

සමීර Tuesday, 18 November 2014 08:14 PM

ගොඩක් සන්තෝෂ හිතෙනවා මේක දැක්කහම. ඒත් දුක මේ සුන්දරත්වය අපේ අයම විනාශ කරනවා. අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට මේවා බුක්ති විඳින්න බැරිවෙන එකට ගොඩක් දුකයි. (නි)

:       0       0

රූපවතී Tuesday, 18 November 2014 05:59 AM

මිනිසුන් බුද්ධිමත්ව රටවෙනුවෙන් වැඩකරනවා නම් අපේ රට ගොඩාක් ඉහළට ඔසවා තබන්න පුළුවන් (නි)

:       0       0

අමාලි Monday, 17 November 2014 10:31 PM

මගේ රට මොනතරම් ලස්සනද? හරිම ආඩම්බරයි. ලංකාදීපයට ගොඩක් ස්තුතියි. (නි)

:       0       0

බන්දුල ජයසිංහ Tuesday, 18 November 2014 09:17 PM

ස්තුතියි ලංකාදීප. සුන්දර ෆොටෝ ටිකක් (නදී)

:       0       0

සමන් -පැරිස් Tuesday, 18 November 2014 06:13 AM

සුන්දර රටවල් අතරින් ලංකාව ඇති සුන්දරයි. හේතුව ලංකාව අපේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site