IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බ්ලොගර්වරු පා පැදියෙන් රජ රට සිරි නරඹති

දිවයිනට පැමිණ සිටින  ලොව විශිෂ්ටතම බ්ලොග්කරුවෝ අද පා පැදිවල නැගී පොලොන්නරුවේ  ඓතිහාසික සිද්ධස්ථාන රැසක්  නැරඹීමට ගියහ.

පොලොන්නරුවේ  රාජ සභා මණ්ඩපය,  දළදා මාළිගාව ඇතුළු ඓතිහාසික ස්ථාන රැසක් නැරඹූ ඔවුහු  ඒවා ඡායාරූපගත කර ගත්තේ මහත් උනන්දුවෙනි.

ලබන 18 වෙනිදා කොළඹ සිනමන් ලේක් හිදී පැවැත්වීමට නියමිත  ආසියාවේ පළමු  සංචාරක බ්ලොග්කරුවන්ගේ සමළුවට සහභාගී වීම සඳහා ලොව විවිධ රටවලින් බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙරටට ආහ.

වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සංගමය සමග  එක්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සිනමන් හොටෙල්  ඇන්ඩ් රෙසෝට්  විසින් මෙම සමුළුව සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ආගන්තුක සත්කාරය ලොවට ගෙන යාම මෙහි අරමුණ වේ.  

 1 2 3 4 5 6 7 DSCF1852 DSCF1853 DSCF1855 DSCF1872 DSCF1877 DSCF1881

 



අදහස් (0)

බ්ලොගර්වරු පා පැදියෙන් රජ රට සිරි නරඹති

සිල්වා Saturday, 15 November 2014 04:24 PM

සංචාරක ව්‍යාපාර දියුණු වෙනවා වගේම රටට ලොකු ගෞරවයක් මෙතුලින් වෙන්නේ රටේ අභිමානය ලොවට අරන්යන ගමනක්!!(දිල්)

:       0       0

ලලිත් Sunday, 16 November 2014 12:31 AM

අපූරු දර්ශනයක්.(හේ)

:       0       0

රෝහණ‍ Sunday, 16 November 2014 07:30 PM

මෙය අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනයාමට හොඳ අවස්ථාවක් (නි)

:       0       0

ධනංජය Sunday, 16 November 2014 02:09 AM

බ්ලොගර්ලට ලංකාවේ සංස්කෘතියට ගැලපෙන ඇඳුම් අන්දලා යැවුවානම් තමයි වැඩිය හොඳ!(හේ)

:       0       0

ශානක Sunday, 16 November 2014 02:45 AM

වැදගත් සංචාරකයෝ පිරිසක්.(හේ)

:       0       0

ක්‍රිෂාන් Sunday, 16 November 2014 03:02 AM

නොදන්න අයට පැහැදිලි වෙන්න මේ බ්ලොගර්ලා ගැන ටිකක් විස්තර කරන්න.(හේ)

:       0       0

ප්‍රගීත් ජයන්ත Sunday, 16 November 2014 04:02 AM

බ්ලෝගර්වරු කියන්නේ කවුද?

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 04:16 AM

අපේ රටේ සුන්දරත්වය අගයන තව කොච්චර නම් ඇත්ද මේ ලෝකේ.(හේ)

:       0       0

කරුණාරත්න Sunday, 16 November 2014 10:19 PM

ඇත්තටම ඔවුන් නම් වාසනාවන්තයි. අපේ රට වගේ සුන්දර රටක් දැකබලා ගැනීමට ලැබීමම මොනතරම් ලොකු දෙයක්ද? (නි)

:       0       0

දුම්මලසූරිය. Sunday, 16 November 2014 04:28 AM

කවුද මේ කට්ටිය? දන්නා කෙනෙක් විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නකෝ කරුණාකරලා.(හේ)

:       0       0

රසික Sunday, 16 November 2014 05:01 AM

බ්ලොගර් කියන්නේ අන්තර්ජාලයට තොරතුරු සොයලා ගවේෂණය කරලා ඒවා අන්තර්ජාලයට සපයන අයට. (බ)

:       0       0

අජිත් Sunday, 16 November 2014 05:02 AM

බ්ලොගර්ලා කියන්නේ නොයෙක් විෂයයන් සම්බන්ධව වෙබ් පිටු ලියන කට්ටිය (බ)

:       0       0

සමන් Sunday, 16 November 2014 05:17 AM

බ්ලොගරයෝ කියන්නේ මොනවා හරි මාතෘකාවකට, කට පියාගෙන ඉන්න බැරුව මොනවා හරි ලියන උන්, හරියට අපි වගේ... මේ ඉහත අය ලෝකේ සංචාරක කර්මාන්තය ගැන ලියපු උදවිය...(බ)

:       0       0

සෝමදාස Sunday, 16 November 2014 05:39 AM

මේ අයට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දුන්නොත් හොදයි. අයහපත් යමක් සිදුවුණොත් රටේ නම කැතවේවි. (බ)

:       0       0

සදුනි Sunday, 16 November 2014 07:58 AM

මෙවැනි පිරිසක් මෙහි පැමිණීම ඉමහත් සතුටක්...නමුත් අන්තර්ජාලයේ හපන්කම් පෙන්වන අපේ රටේ ළමයින් ගොඩක් ඉන්නවා.කවුරුවත් දන්නේ නැතුවට. (බ)

:       0       0

ඉන්දික උපශාන්ත Sunday, 16 November 2014 08:37 AM

ලංකාවෙත් මෙහෙම බ්ලොගර්ලා ඉන්නවා. සිංහල බ්ලොග් කියල ගූගල් සර්ච් කරොත් බලාගන්න පුලුවන්. ඊට අමතරව ලක්දසුන් කියන එකත් ලංකාවෙ අය ලියන ලංකාවෙ සුන්දරත්වය ගැන තියෙන ෆොරම් එකක්. (ර)

:       0       0

ලාල් Sunday, 16 November 2014 11:01 AM

අනේ මේ කාන්තාවෝ ටිකදෙනා පරිස්සමින්. (ර)

:       0       0

වසන්ත Sunday, 16 November 2014 11:08 AM

බ්ලොගර්වරු කියන්නේ කවූද.? (ර)

:       0       0

සෙන්සාන් Monday, 17 November 2014 03:28 AM

අපේ අර සමහර චණ්ඩි ඇමති පුතුන්ට එහෙම පැත්ත පළාතේ යන්න දෙන්න එපා. (නි)

:       0       0

සමිදු Sunday, 16 November 2014 01:06 PM

http://lankabloggers.com වෙතට ගියොත් ඔයාලට අපේ රටේ ‍බ්ලොග් ලියන අය ගැන දැනගන්න පුලුවන්. (ර)

:       0       0

දුම්මලසූරිය Monday, 17 November 2014 04:30 AM

හරි දැන් මම දන්නවා කවුද මේ බ්ලොගර් වරු කියල.(දිල්)

:       0       0

අමිත Sunday, 16 November 2014 02:39 PM

මං හිතන්නෙ බ්ලොගර්ස්ල කියන්නෙ සිංහල දෙමළ වගේ ජාතියක් කියල.කුර්දිවරු වගෙ මොකක් හරි ප්‍රසිද්ධියක් පතන සටන්කාමී කට්ටියක් වෙන්න ඇති.මොනව වුනත් සළකල යවන එක අපේ යුතුකම. යුරෝපයේ රෝමාවරු වගෙ අයද දන්නෙ නැහැ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site