IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බ්ලොගර්වරු කුළු බඩු රස බලති

දිවයිනට පැමිණ  සිටින ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද  මාතලේ  කවුඩුපැලැල්ලේ පිහිටි රන්වැලි කුළු බඩු සහ ආයුර්වේද ඖෂධ පැලෑටි උද්‍යානයට ගොස්  දේශීය  ආයුර්වේද ශාක සහ කුළු බඩු වර්ග පිළිබ‍ඳව අධ්‍යයනය කළහ.

දේශීය ආයුර්වේද ඖෂධ සහ කුළු බඩු  සකස් කිරීම මහත් උනන්දුවකින් අධ්‍යයනය කළ ඔවුනට  එහිදී ප්‍රායෝගිකව එම ඖෂධ අත් හදා බැලීමේ  අවස්ථාවද උදා විය.

ආසියානු රටක පැවැත්වෙන පලමු බ්ලොග්කරුවන්ගේ සමළුවට මෙරටට පැමිණි  මොවුහු සමළුවට පෙර  මෙරට වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට බලාපොරොත්තු වෙති.

සමුළුව ලබන 18 වෙනිදා සිනමන් ලේක් හි දී පැවැත්වේ.

ඔවුන් හෙට ගාලු කොටුව නැරඹීමට යාමට නියමිත අතර අනතුරුව සිනමන් එයාර් කුඩා ගුවන් යානයකින් මෙරට සිරි නැරඹීමට නියමිතය.

ඇමරිකාව, ඕස්ට්‍රෙිලියාව, බ්‍රසීලය ඇතුළු යුරෝපීය මෙන්ම ආසියාතික රටවල් රැසක බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සමුළුව සඳහා මෙරටට පැමිණ ඇත.

සංචාරක බ්ලොග්කරුවන් ලෙසින් හැදින්වෙන මොවුන්ගෙන් බහුතරයක් අඩුම තරමේ රටවල් 50 කට වැඩි ප්‍රමාණයක සංචාරය කර  විවිධ අත් දැකීම් ඇති ප්‍රවීනයෝ වෙති.

එමෙන්ම රටවල් රැසක පාඨක පිරිසක් ග්‍රහණය කර ගෙන ඇති මෙම පිරිස සමග ජාලගතවීමට  ශ්‍රී ලාංකිකයන්ට මෙමගින් අවස්ථාව උදා වන අතර නව තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳ  දැනුමක් ලබා ගැනීමටද හැකි වෙයි.

ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් සුබදායී පණිවිඩයක්ද මෙම බ්ලොග්කරුවන් හරහා  ලොවට  රැගෙන යාම මෙම සමුළුවේ අරමුණයි.

සිනමන්  හොටෙල් ඇන්ඩ් රෙසෝට්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වෘත්තීය සංචාරක බ්ලොග්කරුවන්ගේ සංගමය එක්ව මෙම සමුලුව සංවිධානය කර ඇත.

 1 3 4 5 6 7 8 9 10  DSCF1905  DSCF1918 DSCF1923 DSCF1928 DSCF1941  DSCF1949  DSCF1951 DSCF1957 DSCF1958  DSCF1960 

 

.

 

 

 

 



අදහස් (0)

බ්ලොගර්වරු කුළු බඩු රස බලති

අශෝක කොට්ටව Monday, 17 November 2014 06:07 AM

ලංකාවේ දේශපාලකයින් පෙන්වන්න එපා සංචාරකයින් දේශපාලුවන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි. (නදී)

:       0       0

සමන්ත Monday, 17 November 2014 06:43 AM

පිටබැද්දර, නියමයි (නි)

:       0       0

යොහාන්‍ Sunday, 16 November 2014 11:44 PM

රට රටවල සංචාරයකොට තොරතුරු අධ්‍යයනය කිරීමට අවස්ථාව ලද ඔවුන් මොනතරම් නම් භාග්‍යවන්තයෝද? (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Monday, 17 November 2014 07:25 AM

බයවෙන්න දෙයක් නැහැ මේ පිරිස අපේ මගපෙන්වන්නන් එක්ක යන නිසා අකරතැබ්බයක් වෙන එකක් නැහැ. (අ)

:       0       0

අනුරාධ Monday, 17 November 2014 12:44 AM

අපේ රටේ දේශපාලකයින්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ‍එහෙමත් පෙන්වන්න (නි)

:       0       0

අනිල් Monday, 17 November 2014 07:56 AM

ළඟදි ගුටි කෑ අරයගෙ පුත්‍රයාත්, අර හිරේ ඉන්න කෙනාවත් පෙන්නන්න එක්කගෙන යන්නකෝ (නි)

:       0       0

භානු Monday, 17 November 2014 08:38 AM

පිටබැද්දර ජයා මහතා, බ්ලොග් කියන්නේ අන්තර්ජාලයට ලියන කෙනෙකු විසින් තමන්ගේ අත්දැකීම් , අදහස් , පර්යේෂණ , අත්හදා බැලීම් , සහ ඒවාට සම්බන්ධ චායා රුප ආදියෙන් යුක්ත වෙබ් පිටුවක්. මෙය හරියට කෙනෙකුගේ ඔන් ලයින් ඩයරියක් වගේ . (අ)

:       0       0

භානු Monday, 17 November 2014 08:39 AM

බ්ලොග් කියන්නේ අන්තර්ජාලයට ලියන කෙනෙකු විසින් තමන්ගේ අත්දැකීම් , අදහස් , පර්යේෂණ , අත්හදා බැලීම් , සහ ඒවාට සම්බන්ධ ඡායා රෑප ආදියෙන් යුක්ත වෙබ් පිටුවක්. මෙය හරියට කෙනෙකුගේ ඔන් ලයින් ඩයරියක් වගේ . (හේ)

:       0       0

ප්‍රියන්ත Monday, 17 November 2014 02:47 AM

මෙම සංචාරයට තල්මසුන් නැරඹීම, නිලාවැලි මුහුදු වෙරළ, දේශීය වෛද්‍ය ක්‍රමය ආදියද ඇතුළත් වේයැයි සිතමි. සංචාරකයින් දේශපාලුවන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි (නි)

:       0       0

නාලක Monday, 17 November 2014 02:47 AM

අනුරාධ,මේ අයට අපේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ව පෙන්නුවොත් එහෙම හෙට පත්තරේ මොන වගේ ප්‍රවෘත්තියක් තියෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුර Monday, 17 November 2014 08:49 AM

මෙවැනි වටින තැනක් තියෙන බව දැක්කේ ලංකාදීපයෙන්. (ර)

:       0       0

හසිත් Monday, 17 November 2014 03:11 AM

මේ විදේශීය බවලතියන් නිරුපද්‍රිතව ගම රට බලා යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. කොයි එකටත් අත් බෑගය ,ලැප්ටොප් එක එහෙම ටිකක් තදකර අල්ලාගන්න ලෙස කාරුණිකව ඉල්ලනවා. (නි)

:       0       0

රසික Monday, 17 November 2014 03:58 AM

ලංකාවේ බ්ලොග් ලියනා මිතුරන් ගැන දැනගන්න ඔන නම් http://lankabloggers.com/ යන්න. (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 17 November 2014 04:56 AM

දන්නා කෙනෙක් කියනවද බ්ලොග් කියන එකේ තේරුම කරුණාකරලා ? නොදන්නා හින්දයි අහන්නේ හොඳේ ! (අ)

:       0       0

නාලක Monday, 17 November 2014 05:47 AM

ආපසු කරදරයක් නැතුව මේ මිනිසුන්ට යන්න ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site