IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ගැන තොරතුරු එළියට

(ගයාන් සූරියආරච්චි)

තංගල්ල මහාධිකරණයේ නඩුවකට පෙනීසිටීම සදහා ඊයේ (22) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් ප්‍රසන්න පෙරේරා ඇතුළු පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමැත්තා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට අනාවරණයවී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය.

ඒ බව ඔහු සදහන් කළේ දැනට සිදුකරනු ලබන විමර්ශනවල ප්‍රගතිය පිළිබදව ඊයේ (23) සොයා බැලීම සදහා රැස්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශවය අතර පැවැති ගැටුම්වල ප්‍රතිපලයක් වශයෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවය.

මෙම විශේෂ සාකච්ඡාවට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු උසස් පොලිස් නිළධාරීහු පිරිසක් මීට සහභාගි වූහ.

 



අදහස් (7)

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ගැන තොරතුරු එළියට

අරවින්ද මොනරවිල Tuesday, 23 January 2024 06:40 PM

අපේ ජනබල පක්ෂය් සභාපති මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව එම පක්ෂයේ ගෞරවනීය අනුශාසක වරුන් වන රත්න හිමි සහ ඤාණසාර හිමිවරුන් දැනසිටියාද? නැතහොත් උන්වහන්සේලා අනුදැනුම අනුව මෙම ජාවාරම සිදු කෙරුවාද යන්නත් සොයාබලන්න සිදුවෙනවා.

:       16       74

pjWednesday, 24 January 2024 04:12 AM

ඝාතනය වූ සමන් පෙරේරාට එරෙහිව ඝාතන චෝදනා ඇති බවත් 2004 වර්ෂයේදී කොස්ගොඩ පොලිස් වසමේ දී කොස්ගොඩ සුජීගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවත් පොලීසිය කියයි. 2016 වර්ෂයේදී ගාල්ල පොලිස් වසමේ දී සුජීගේ ඥාතියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සමන් පෙරේරාට චෝදනා එල්ල වී තිබී ඇත.

:       0       0

Prabha Wednesday, 24 January 2024 12:30 PM

ඒක නේන්නම්.. වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් හොයාගන්න තරම් බුද්ධි අංශයක් තිබුණා...

:       0       0

Rata Perata Tuesday, 23 January 2024 07:02 PM

මේ නිසා අර පොලිසියෙන් මැරුව එක ගැන යටවුණා. දැන් මේකත් යට යනවා. හාමුදුරුවන්ගේ ඝාතනයත් එක්ක... මේ වගේ අපරාධවලට සම්බන්ධ අය එක්ක කොහොමද අපරාධ නවත්වන්නේ?

:       0       0

Sachith Tuesday, 23 January 2024 07:22 PM

සමහර කතා තියෙනවා... කියන පුද්ගලයා දැක්කාම හිනා යන... මේකත් ඒක වගේ... සිද්ධිය වෙලා පැය 02ක්, 03ක් යනකොට කරේ කවුද? ඇයි කරේ ඔක්කොම දන්නවා. හැබැයි තාම කවුරුවත් අත්අඩංගුවටවත් අඩුම අර වාහනයවත් හොයාගන්න බෑ...

:       0       0

නිහාල් Tuesday, 23 January 2024 09:51 PM

රට, ජාතිය බේරාගන්න පෙරට ආව චීවරධාරීන් ඡන්දේ ඉල්ලලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්ගේ පක්ෂයකින්ද?

:       0       0

කොස්ගොඩ සුජී Tuesday, 23 January 2024 10:02 PM

ඔයා වැඩ බලලා ඉවරවෙන්න කලියෙන් අනෙක් ඝාතන ගැන තොරතුරුත් එළියට දීලා යන්න. බොහොම ස්තූතියි !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site