(සිරාජ් හසීම්)
අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් කිසිදු කොටි සාමාජිකයකු හට විෂ එන්නත් ශරීරගත කර නොමැති බව තහවුරු වූ බව උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා පවසයි.
ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින් හට විෂ එන්නත් ශරීරගත කර තිබීම පිළිබද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට උතුරු පළාත් සභා මන්ත්‍රී තවනාදන් මහතා කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් සත්‍යලිංගම් මහතා මේ බව කීය.
“2009 යුද්ධයෙන් පසුව ආරක්ෂක හමුදාව වෙත බාරවී පුනරුත්තාපනය ලැබූ කොටි සාමාජිකයින් හට හමුදාව විසින් විෂ එන්නත් ශරීරගත කර තිබෙන බවට චෝදනා එල්ල වුණා.මේ නිසාවෙන් එම කොටි සාමාජිකයින් අභිරහස් ලෙස මරණවලට ගොදුරු වී තිබෙන බවත් තවත් වැඩි පිරිසක් රෝගවලට ගොදුරු වී තිබෙන බවත් පැවසුණා.මේ ගැන උතුරු පළාත් සභාවේද අවධානයට ලක්වුණා.
මේ සම්බන්ධයෙන් තම අමාත්‍යංශය යටතේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පත්කර උතුරු පළාතේ දිස්ත්‍රීක්ක පහේම පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් පරීක්ෂාවලට ලක් කිරීමට පියවර ගත්තා.මේ සම්බන්ධයෙන් ඔවුන්ව මාධ්‍ය මගින්ද දැනුම්වත් කළා.ඒ අනුව හිටපු කොටි සාමාජික සාමාජිකාවන් 300 දෙනකු අප විසින් පරීක්ෂා කරනු ලැබුවා.
මේ පරීක්ෂණ වලට අනුව පරීක්ෂාවන්ට ලක්වූ කිසිදු කොටි සාමාජිකයකුට විෂ එන්නත් ශරීරගත වීමක් සිදුවෙලා නැහැ කියල තහවුරු වුණා.පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් වැඩි පිරිසක් පරීක්ෂණ මගහැර සිටියා.ඔවුනට බලකළ නොහැකියි.මෙකී චෝදනාව සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයා විසින් තමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.“යැයි ඒ මහතා කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බාර වූ කොටින්ට විෂ එන්නත් නොකළ බව තහවුුරුයි - සත්‍යලිංගම්
සෙනෙවි Sunday, 10 September 2017 11:40 AM
සාවද්‍ය චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධව නීතිමය පියවර ගත යුතුයි.
ravin Sunday, 10 September 2017 12:36 PM
සත්‍යලිංගම්, ඔබ හොඳින් දන්නවා විදෙස් වල ඉන්න උදවිය උඩු බුරලන හැටි. ප්‍රශ්නයක් නැති වුණොත් ඔවුන්ගේ සැප පහසුකම් අඩුවෙනවා. එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි.
ධම්ම Sunday, 10 September 2017 02:59 PM
මේ අදහස අරයාගෙන් වසන් කලයුතුයි. නැත්නම් අලුත් සුදු කොඩියක් හදයි.
prasanna Sunday, 10 September 2017 03:28 PM
දැන් ඉතින් වියන්ගොඩ වගේ රාජය සංවිධාන කාක්කන්ට බඩේ පාරක් වැදුනා... කොන්දක් නැති ආණ්ඩුවක් හදාගෙන එන්ජ්ඕකාරයෝ සල්ලි ගරනවා අපේම රට ගැන බොරු කියල.