(නිමන්ති රණසිංහ)
කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමෙන් පසු ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් බේරේ වැවට පිරිසක් තල්ලුකළැයි විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක සහ පුරුෂයකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකි.
කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමෙන් පසු ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් සිටි පිරිස අතර සිටි මෙම සැකකරුවන් මැයි 09 වැනිදා බේරේ වැවට පිරිසක් තල්ලු කරනු වීඩියෝ දර්ශනවලින් හෙළිවී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට මුහුණ දුන් අයවලුන්ට සැකකරුවන් හඳුනාගැනීමට හැකි යැයි ප්‍රකාශ කර ඇති බවත් ඒ හේතුවෙන් සාක්ෂිකරුවන්ට හදුනාගැනීම සදහා පෙරට්ටුවකට ඔවුන් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බේරේ වැවට පිරිසක් තල්ලුකළැයි කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් හඳුනාගැනීමේ පෙරට්ටුවකට
විපරමා Tuesday, 23 August 2022 06:11 PM
රටේ මුලු ආර්තිකයම වළපල්ලට ඇදලා දාපු ,ජනතාව රවට්ටපු ,මහපාරට ඇදලාදාපු දුශිත දේශපාලුවන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැතුවා .
fairoos Tuesday, 23 August 2022 06:22 PM
රටම වලපල්ලට දාපු අයනම් හදුනගැනීම අවශ්‍ය නෑ.
කිරි පුතා Tuesday, 23 August 2022 06:55 PM
කට්ටියම උඩ පැන පැන නැටුවා. හරියට රාජ්‍ය බලය තමන්ගේ අතේ තියාගෙන වගේ. දැන් ඉතින් ලැගපල්ලකො හිර ගෙවල්වල
Sunil Wednesday, 24 August 2022 11:51 AM
බේරෙ වැවට නැතිව ඒ අයව ජනාධිපති මැදුරේ නානතටාකයේ ගිල්ලවන්නද?
නිහාල් Wednesday, 24 August 2022 12:09 PM
බේරේ නාපු අය එක්කගෙන ආව සනත් නිශාන්ත වගේ අයට කිසිම දෙයක් වෙන්නේ නෑ වගේ...