බැර ලෝහවලින් තෙත් බිමට සිදුකරන හානිය මිනිසාගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශය නවතම පර්යේෂණයකින් හෙළිදරව් කරගත් බව එම අංශයේ මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මිය පැවසුවාය.
උතුරු මැද පළාතේ පුද්ගලයන් වකුගඩු රෝගීන් බවට පත්කරවන තෙක්ම එයට තුඩුදුන් හේතුව සොයා ගත නොහැකි වූ බවත් නමුත් මෙවන් පර්යේෂණ මගින් කල්තියාම අනතුරු හැඟවීමක් කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
කාර්මීකරණය හා නාගරීකකරණය ජනගහනය හේතුවෙන් මිනිසා විසින් කැරෙන නිෂ්පාදිත රාසායන ද්‍රව්‍ය ලෙස පරිසරයට එකතුවෙයි. එය තෙක් බිම්වලට බැරලෝහ ඇතිවීමට ප්‍රධාන සාධකය වී ඇත.
මේ නිසා මිනිස් සිරුරේ විෂබීජ මර්දනයට දායක වන ක්ෂද්‍ර ජීවින් ඇතුළුව රෝග කාරකවලට ඔරොත්තු දෙන ශක්තිය හීන කරවයි. වකුගඩු පෙනහළු, අක්මාව, වැනි අවශ්‍යන්ට අක්‍රමිකතා ඇති කරවයි.
ස්නායු පද්දතියට ඇති විය හැකි අවදානම පිළිබඳවත් සෙවීමේ අධ්‍යනයක් දැනට සිදු කරගෙන යයි.
මෙම පර්යේෂණය නිමාවු ව්‍යාපෘතියක් ලෙස සිදුකළේ ‘ඉන්දියා කොළ ගෙම්බා‘ යොදාගෙන බෙල්ලන්විල අත්තිඩිය ප්‍රදේශයේය. මෙම ගෙම්බා එම ප්‍රදේශයේ සුලබව වාසය කරන්නෙකි.
දර්ශනවේදී උපාධි අපේක්ෂිකා උත්පලා ජයවර්ධන මහත්මිය ඉදිරිපත් කළ මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියාවේ පැවැති පරිසර ධුලක විද්‍යාත්මක සමුළුවේදී විශේෂ ඇගයීමකට ලක්විය. අසාත්මිකතා හා ප්‍රතිශක්තිකරණවේදය සදහා වූ ශ්‍රි ලංකාවේ පැවැති සමුළුවේ වාර්ෂික සැසිවාරයේදී දෙවැනි ස්ථානය මෙම පර්යේෂණයට හිමිවිය.
මෙම පර්යේෂණයේ නිගමනයක් පරිසර අධිකාරීයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහාචාර්ය ප්‍රීති උඩගම සහ ආචාර්ය දීප්ති වික්‍රමසිංහ මහත්මීන් සහ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.රත්නසූරිය මහතාගේ අධික්ෂණය යටතේ උපාධි අපේක්ෂිකාවක් වන ඩබ්ලිව්.ඒ.එන්.මධුෂානී, ප්‍රියදර්ශනී සෝමසේකරන්, දර්ශනවේදී උපාධි අපේක්ෂිකා උත්පලා ජයවර්ධන මහත්මීහු මෙම පර්යේෂණය කළහ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැර ලෝහ හානිය නිමක් නැතිලු
සදුනි Wednesday, 15 October 2014 09:36 AM
පලිබෝධනාශක වලට අමතරව ඉවත් කරන සී එෆ් එල් ,එල් සී ඩී,පෝන් බැටරි,මේ වගේ විද්‍යුත් අපද්‍රව්‍ය වලින් වන හානිය..(හේ)
ධම්ම Wednesday, 15 October 2014 09:55 AM
ලංකාවේ මෙවන් පර්යේෂණ බොහෝ විට උපාධියට පමණක් සීමා වෙනවා. මෙයට එසේ නොවේවායි ප්‍රාර්ථනා කරනවා.(හේ)
සරත් Wednesday, 15 October 2014 06:39 PM
ලංකාවේ පරිසරය ආරක්ෂා කරන්න පරිසර අමාත්‍යංශය කටයුතු කළයුතුයි. මිනිසුන් දැනුවත් කිරීම්,නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම් කළයුතුයි. හිතේ දුකටයි මේ ලියන්නේ... (නි)