IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බොරු රඟපෑමෙන් ව්‍යාපාරිකයාත් බිරියත් උසාවියට

තමා පැහැර ගත්තැයි මීගොඩ වැලිහේන වත්තේ දේපළ වෙළඳාම් ව්‍යාපාරික සුගත් චමින්ද පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කර ඇතැයිද ඔහු පැහැර ගැනීමට ලක්වී නැතැයිද මිගොඩ පොලිසිය හෝමාගම මහේස්ත්‍රාත් වයි.ආර්.පී.නෙළුන්දෙණිය මහතාට වාර්තා කළේය.

නාඳුනන පිරිසක් මග හරස්කර පසුගිය පෙබරවාරි 27 වැනිදා කැලණි ගඟ අසබඩදී තමා පැහැරගත්තැයි  ව්‍යාපාරිකයා දින කිහිපයකට පසුව බේරී ආ බව පවසමින් පොලිසියට පැමිණිලි කර ඇත. ඔහුගේ දුරකථන පණිවිඩ අනුවද ඔහු පැහැර ගැනීමට ලක්වී නැති බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

පැහැරගත් බව කියන දවසේ ඔහු තම මෝටර් රථය හංවැල්ලේ කැලණි ගඟ අයිනේ නවතා අවිස්සාවේල්ලට ගොස් බැංකුවෙන් මුදල් ගෙන සාප්පු සවාරියේ යෙදී ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහුටද ඔහුගේ බිරිය අනූෂාටද තවත් සිව්දෙනකුටද ජූලි 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි යවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 

 



අදහස් (0)

බොරු රඟපෑමෙන් ව්‍යාපාරිකයාත් බිරියත් උසාවියට

සත්‍යපාල Monday, 23 March 2015 08:45 AM

තමන් විසින් තමන්ව ගස් බැදගත් රටක තමන් විසින්ම තමන්ව පැහැරගත්තා වෙන්න බැරිද? (ම)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 12:03 PM

ව්‍යාපාරිකයන් කොහොමත් බොරුවෙන් වංචාවෙන් කටේ බලයෙන් ජයගන්න දක්ෂ පිරිසක්නේ.මෙයාලත් දේශපාලකයන්ට දෙවෙනි වෙන්නේ නැහැ.(අ)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 02:31 PM

ඉසුරන්දි හරි, රටේ දේශපාලන වෙළඳ ව්‍යාපාර තමයි වැඩි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site