
(ඉන්දිකා රාමනායක)
අරුගම්බය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ බෝම්බ තුනක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර බිය ගැන්වීමක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි.
මෙම සංචාරකයින් පිරිස මහනුවර ප්‍රදේශයේ සිට ආරුගම්බේ ප්‍රදේශයට ගොස් සිටි පිරිසක් බව පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරු විසින් ඊයේ (26) අසත්‍ය ප්‍රකාශයක් සිදුකර සංචාරකයින් පිරිස බිය ගන්වා ඇති බවට පොලිසිය සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සයින්දමරුදු. ප්‍රදේශයේ පදිංචි (28) හැවිරිදි තරුණයෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.