
හනිෆ් අබ්බාසි සහ ෂෙයික් රෂීද්
ඉම්රාන් ඛාන්ගේ රජයේ ස්වදේශ ඇමැති ලෙස කටයුතු කළ ෂෙයික් රෂීද් පලඳින බොරු කොණ්ඩය ගලවා රැගෙන එන ඕනෑම අයකුට පාකිස්තාන රුපියල් 50,000 ක මුදලක් තෑගි කරන බව පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ 'මුස්ලිම් ලීගය එන්' පක්ෂයේ නායක හනිෆ් අබ්බාසි පවසා ඇත.
හනිෆ් අබ්බාසි, අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ සහායකයා ලෙස ද කටයුතු කරයි. හනිෆ් අබ්බාසි, හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීමක් කළේ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ සෞදි සංචාරයේ දී සිදුවුණු සිදුවීමක් මුල්කොට ගනිමිනි.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, සිය පළමු විදෙස් සංචාරය ලෙස අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සෞදියට ගියේ සෞදියෙන් හදිසි මූල්‍ය සහන පැකේජයක් ලබා ගැනීමටය. පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, සෞදි රජය පාකිස්තානයට සහන මූල්‍ය පැකේජයක් ලබා දීමට ද එකඟත්වය පළ කළේය.
ෂෙහ්බාස් ෂරීෆ් සෞදියට ගියේ නියෝජිතයන් පිරිසක් ද පිරිවරා ගනිමිනි. සෞදියේ මදිනා නුවර අල් මස්ජිත් අල් නවාබි මුස්ලිම් පල්ලියට ගිය අවස්ථාවේදී එහි සිටි පිරිසක් පාකිස්තාන නියෝජිත පිරිසට 'හොරුන්' යැයි බැණ වදිමින් අපහාස කරමින්, ඔවුන්ට බාධා කළහ. එම සිද්ධියේ වීඩියෝ දසුන් පවා මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට ලත් වී ඇත.
එම පිරිස උසි ගන්වා ඇත්තේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීද් යැයි 'මුස්ලිම් ලීගය එන්' පක්ෂයේ නායක හනිෆ් අබ්බාසි චෝදනා නගයි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද මෙම සිද්ධියට උඩගෙඩි දී ඇති බවත් හනිෆ් අබ්බාසි චෝදනා නගා ඇත. හනිෆ් අබ්බාසි මෙසේ චෝදනා කළේ රාවුල්පිණ්ඩි නුවර පැවැති ජන රැලියක් ඇමැතූ අවස්ථාවේදීය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොරු කොණ්ඩේ ගැලෙව්වොත් රුපියල් 50,000 ක්