IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’බොරළුගොඩ සිංහයා’’ සමරයි

(අංජුල මහික වීරරත්න)

මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියකු වු පිලිප් ගුණවර්ධන මහතාගේ  52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහානා හිමියෝ ගුණ සැමරුම් උත්සවයේ මුලසුන හෙඹවූහ.

මෙහි ප්‍රධාන දේශනය “පරිසරය සහ සංවර්ධනය” මැයෙන් පරිසර පද්ධති විද්‍යාඥ මහාචාර්ය රනිල් සේනානායක මහතා විසින් සිදු කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන  හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ  හිටපු කථානායක කරූ ජයසූරිය  පිලිප් ගුණවර්ධන පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (10)

’’බොරළුගොඩ සිංහයා’’ සමරයි

පුරවැසියා Monday, 01 April 2024 11:47 AM

සිංහයෙකුට දාව උපන්න බලු පැටව් ඉන්න රටක් මේක

:       2       39

Bamunuarachchi Thursday, 04 April 2024 06:28 AM

පුරවැසියා උඹේ අම්මා උඹේ පැටිගිරිය උඹට කියලා දීල වගේ.

:       0       0

ලුම්බිණි Monday, 01 April 2024 12:12 PM

"පරිසරය සහ සංවර්ධනය” සහ පිලිප් ගුණවර්ධන අතර මොකක්ද සම්බන්ධය?

:       1       19

ajith Monday, 01 April 2024 12:19 PM

සුද්දෝ ගියායින් පස්සේ ලංකාවේ හිටිය කළු සුද්දොන්ගෙන් එක්කෙනෙක් .දැන් මෙයාගේ පරම්පරාවේ කට්ටියගෙන් මේගොල්ලා ගැන හිතාගන්න පුළුවන්

:       4       31

mahinda Monday, 01 April 2024 12:44 PM

බොරුළුගොඩ සිංහයින් නෙවෙයි, කැනහිල්ලුයි ඉන්නේ හා හිටියේ මේක යහපාලන ආණ්ඩු සමයේ විජේදාස රාජපක්ෂ පාර්ලිමෙන්තු කතාවකදී කළ එකක්... ඒ දිනවල පුවත්පත්වල සඳහන් වුණා. කෙසේ වෙතත් අම්මත්, අප්පත් දේශපාලන ගමන අවසන් කළේ එජාපයෙන් පුතාත් එතැනින් "ලැජ්ජයි, ලැජ්ජයි මහබැංකුව කාපු හොරයි බොරුළුගොඩයි එකම පේලියේ හා එකම සමාජ පන්තියේ...

:       3       24

පිටිගල මිලානෝ Monday, 01 April 2024 12:47 PM

බොරළුගොඩ සිංහ….!

:       3       7

Kazi Shajahan Monday, 01 April 2024 03:19 PM

ෆාදර් සිංහයා, නමුත් පුතාලා බලුවෙලා... අද කවුරුත් ගණන් ගන්නේ නැහැ ගුණවර්ධනලා... මේ පුතාලා සිංහයෙක්ගේ පුතාලා කියන්නත් බැහැ.

:       3       11

Buddika Monday, 01 April 2024 03:19 PM

මගෙ ගමට ඉතාම කිට්ටුයි බොරලුගොඩ. එහේ සිංහයෝ එදත් නෑ අදත් නැහැ. අද ඉනේ කැනහිල්ලු. සින්හයෝ යැයි කිව්ව මිනිස්සුන්ගේ සුනඛ පුත්තු. මේ පළාතේ මිනිස්සුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් පළාතට කිසිම වැඩක් නොකරපු උද්දච්ච කාලකන්නි පුත්තු. ඔවුන්ට තවත් චන්දෙ දෙන මිනිස්සු මෙහේ නැහැ. ඒ වගේ මීහරක් තාමත් ඉන්නේ හම්බන්තොට විතරයි...

:       3       17

Bamunuarachchi Thursday, 04 April 2024 05:30 PM

ඒ කාලේ තමයි සිංහයෝ හිටියේ... දැන් ඉන්න අය වගේ හිවල් පැටව් සිංහයෝ දකින්නේ නැහැ. පුද්ගලික ආයතනයක සේවය කරනවා නම් ඔබලාට EPF ETF හදලා දුන්නේ, කුඹුරු පනත ගෙනල්ල අඳ ගොවියාට සහන සැලසුවේ ඔය මිනිස්සු. JR, රනිල්, සජී වගේ අය නොවෙයි... ඔය පුද්ගලයෝ. ඒ කාලේ ජෙප්පෝ ඉපදිලාවත් නැහැ. මොකක්ද තිබෙන ප්‍රශ්නය? පිලිප් ගුණවර්ධන රටට සේවය කරන කාලේ ඉපදිලා හිටියේ නැහැ නේද? ඒකයි ප්‍රශ්නය. ඔවුන් රටට කළ සේවය ලියන්න මෙතැන ඉඩ මදි... ඒ නිසා ගොන් පාට් දාන්න එපා.

:       0       0

Pankumburage Monday, 01 April 2024 04:53 PM

බොරළුගොඩ සිංහයාට දාව ලැබිලා තියෙන්නේ බලු පැටවූ. කැතයි, ලැජ්ජයි, හිරිකිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site