( අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය, නිලාවෙලි, ඉලුප්පුකුලම බොරළුකන්ද විහාර භූමිය ඉදිරිපිට රැස්වී විරෝධතාවයක් පැවැත්වීම වළක්වාලමින් ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් දර්ශණී අන්නතුරෙයි මෙනවිය වාරණ නියෝගයක් නිකුත් කළාය.
නිලාවෙලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩී. ප්‍රදීප් නිශාන්ත කුමාර මහතා ඉදිරිපත් කල වාර්ථාව සලකා බැලීමෙන් අනතුරුව පාර්ශව දෙකක වග උත්තරකරුවන් 14 දෙනෙකුට වාරණ නියෝගය නිකුත් කර තිබේ.
මේ අනුව පළමු පාර්ශවයේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමානික්කම් ශානක්‍යා, සෙල්වරාසා ගජේන්ද්‍රන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පී. වෛද්‍යලිංගම්, දෙමල ජාතික ජනතා පෙරමුණේ තරුණ බලකායේ නායක ක්‍රිෂ්ණ පිල්ලේ ශ්‍රී ප්‍රසාද් දෙමළ සභාව නැමැති මුලධර්මවාදි සිවිල් සංවිධානයේ සභාපති ආර්. ජෙරොම් ලේකම් රමේෂ් නිකලස් හා දෙවන පාර්ශවයේ වග උත්තරකරුවන් වන ගෝකණ්නපුර සුරැකීමේ සංවිධනායේ සභාපති පූජ්‍ය අලුත් ඔය සද්දාතිස්ස හිමි, බොරලු කන්ද විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමි, විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ සුඛිතවංශතිස්ස හිමි, ත්‍රිකුණාමලයේ ඥාණකිත්ති හිමි, මහදිවුල්වැව ඉන්ද්‍රාරාමාධිපති පොල්හේන්ගොඩ උපරතන හිමි, ගෝකණ්න පුර සුරැකීමේ සංවිධානයේ ලේකම් ඒල්. ජී. නන්දික විදුරංග, හිටපු ආසන සංවිධායක දයානන්ද ජයවීර යන අයට මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (03) වගන්තියේ ප්‍රතිපාදන අනුව මෙම වාරණය විරෝධතාවයට සහභාගිවන සියලු දෙනා සඳහා පොදුවේ නිකුත් කරන බව අදාල වාරණ නියෝගයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරළුකන්ද විහාරයට එරෙහි උද්ඝෝෂණයට වාරණයක්
Mohan Mapa Sunday, 03 September 2023 12:57 PM
මේවා කරන්නේ කොටින්ගේ අවතාර..., නීතිය ප්‍රායෝගිකව පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ...!
nimal Sunday, 03 September 2023 02:03 PM
ඔය වාරණය සදාකාලික කරන්න. ඔය ඉඩම වහාම රජයට පවරාගෙන මයියොක්කා වවන්න. අඩුම වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, දුප්පත් මිනිස්සුන්ට බඩගින්නට යමක් ලැබේවි...!
Dinesh Sunday, 03 September 2023 06:02 PM
කොටි අවතාර නෙවෙයි, දේශපාලන අවතාර... හැබැයි සිංහල මිනිස්සුත් එහෙ ඉඩම්වලින් දෙමළ අයට යන්න කිව්වොත්...? හැමෝම ශ්‍රී ලාංකික විදිහට හිතන්න... ජාති භේද කියන විෂබීජයට ඉඩ දෙන්න එපා...