(තුසිත කුමාර ද සිල්වා)
කොරෝනා ආසාදිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කලාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක් මේ වන විට නම්කර තිබේ.
ඒ අතර චීන කොටුව, පන්නිල ,කරඳ ගොඩ, කංකානම්ගොඩ,වලතර ,අඹේපිටිය, අක්කර ගොඩ යන ග්‍රාම නිලධාරී වසම් තුළ පදිංචි පුද්ගලයන් 11 293 දෙනෙකු එම ගම්මාන තුල ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15) සවස පැවසීය.
මෙම ගම්මානවල සිටින පුද්ගලයන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියලු දේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව බෙදාහරින අතර චීන කොටුව ආරක්ෂක මුරපොළ වෙතින් එම ද්‍රව්‍ය නිරෝධායනය වන පුද්ගලයන් සිටින ගම්මාන වෙත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ලබාදීමට යුද හමුදාව සහ පොලීසිය කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
එම ගම්මාන තුළට ඇතුල්වීමට සහ පිටවීමට අවසර ඇත්තේ ආරක්ෂක, සෞඛ්‍යය යන අංශ වලට පමණක් බවත් එම ගම්මාන වෙත පිවිසෙන සියලු මාර්ග අවහිර වන ලෙස යුද හමුදාව සහ පොලීසිය යොදවා තිබේ .
හුදකලා කර ඇති ගම්මාන තුළ සිටින කිසියම් අයෙකුට අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් එම පුද්ගලයන් රෝහල්ගත කිරීමට ගිලන් රථයක් යොදවා ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය .
බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 35 දෙනකු වාර්තා වී ඇතැයිද ඒ මහතා කියයි. මේ වන විට මෙම ප්‍රදේශයන් තුළ අඛණ්ඩව ඇඳිරිනීතිය ද ක්‍රියාත්මකව පවතින බව පොලිසිය කියයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බේරුවල හුදෙකලා ගම්මානවල පුද්ගලයන් 11 293ක් ස්වයං නිරෝධායනට
jayath Wednesday, 15 April 2020 12:30 PM
මේකේ ඉන්න ටික අර අටුලුගමදී බොල්ගොඩ ගඟෙන් පැන්නා වගේ සමහරවිට මූදෙන් පනින්න වගෙයි ....