IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බොරුවෙන් රන් කිලෝ සීයක් විකුණන්න ගිහින්

රජයේ රත්‍රන් සංචිතයෙන් සහන මිලට රහසිගතව ලබා ගත් රන් බව අඟවමින් කිලෝව රුපියල් ලක්ෂ පනහ බැගින් කිලෝ සියයක් රුපියල් කෝටි පනහකට විකිණීමට තැත් කළැයි කියන නව දෙනෙක් කොළඹදී අද අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

එම රන් වෙනුවෙන් රුපියල් කෝටියක අත්තිකාරම් මුදල් අවශ්‍ය බව ඔවුන් ගැනුම් කරුවනට කියා ඇතැයි බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

සැකකරුවන් අතර හිටපු පොලිස් අධිකාරීවරයකු සහ කාන්තාවෝ දෙදෙනෙක්ද වෙති.

එම පිරිස රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

 

 



අදහස් (0)

බොරුවෙන් රන් කිලෝ සීයක් විකුණන්න ගිහින්

ෂෙනාල් Sunday, 05 May 2013 10:19 PM

පුදුම දේවල් තමයි මේවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 06 May 2013 02:52 AM

රූපවාහිනියෙ දැක්කා ලොකු මහත්තයෙක් කියනවා ආයුධ දුන්නලු පොලිසියට ගුටි කන එකෙන් බේරෙන්න. අපිටත් ආයුධ ටිකක් ඉල්ලගන්න වෙයි වගේ හොර වැඩ කරන පොලිසියට ගහන්න (නි)

:       0       0

චමිල Monday, 06 May 2013 01:26 PM

පොලිසිය හෝ හමුදාව සම්බන්ධ වුනු වැරදිනේ දැන් අහන්න තියෙන්නේ. (ස)

:       0       0

උපාලි Monday, 06 May 2013 04:40 AM

අර ප්‍රංශයේ ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුණ දෙපාරක්ම පරණ යකඩ වලට විකුණපු කෙනාව මට මතක් වුණා. මේ රත්තරන් ගොඩ කොහෙන්ද? කටුගෙයින් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

රකිත් Monday, 06 May 2013 05:38 AM

මේ කාන්තාවන් දෙදෙනාගෙන් එක අයකු අපේ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධකමක් දක්වපු හිටපු කෙනෙකුගේ බිරිඳක් බව තමයි ආරංචිය. (නි)

:       0       0

ලුම්බිණි Monday, 06 May 2013 05:49 AM

මේ වගේ බොහොම වංචාවලට අද සම්බන්ධව ඉන්නේ පොලිසියේ නැත්නම් හමුදාවේ අය. (නි)

:       0       0

බණ්ඩාර Monday, 06 May 2013 06:13 AM

අත්අඩංගුවට ගත් අයගේ නම් ප්‍රසිද්ධ කරන්න අපටත් දැනගන්න. (නි)

:       0       0

රකිත් Monday, 06 May 2013 07:09 AM

කොටි සංවිධානයට අයිති වී තිබුණු රත්තරන් වලට වෙච්ච දෙයක් ගැන සඳහනක් නැහැ නේද? (නි)

:       0       0

චින්තක Monday, 06 May 2013 08:58 AM

ලෝකෙම දුවන්නේ බොරුව සහ රඟපෑම මත (දී)

:       0       0

නිරෝෂන් Monday, 06 May 2013 02:27 PM

අම්මෝ මේ තරම් රත්තරන්

:       0       0

පුෂ්පා Monday, 06 May 2013 09:59 AM

පොඩි මිනිහෙක් අතින් වරදක් උනොත් නම් ගම් එක්කලයි පත්තරේ වැටෙන්නෙ. ඇයි මේ අයගේ නම් ගම් පත්තරේ දාන්න බැරි.(ස)

:       0       0

ප්‍රියන්ත Monday, 06 May 2013 02:54 PM

මේක ලංකා ඉතිහාසයේ විශාලතම වංචාවක් වෙන්න පුළුවන්. (ස)

:       0       0

සුරේෂ් Monday, 06 May 2013 10:23 AM

අයියෝ සල්ලි

:       0       0

තිලක්-ඇහරිකාව Monday, 06 May 2013 10:25 AM

මේක අර ලොකු කට්ටියගේ බිස්නස් එකක් වෙන්න බැරිද?  රටේ සංචිතය වැඩි නිසා කලිනුත් අඩුකලා.(නදී)

:       0       0

සරසි Monday, 06 May 2013 10:47 AM

පොලිසියට අත තිබ්බොත් වෙඩි තියන්න තුවක්කු දීපු ලොකු මහත්තයා අහිංසක ළමයෙකුට ගෙහුවා, ඒකනිසා අහිංසක ජනතාවටත් තුවක්කු දෙන්න වෙයි.(නදී).

:       0       0

යොහාන් Monday, 06 May 2013 11:32 AM

කව්ද ඔය ක්‍රිකට් ක්‍රීඩකයා.(නදී)

:       0       0

පුෂ්පා Monday, 06 May 2013 04:39 PM

හලෝ රෝයි, මට කියන්න ඩයස් මහත්තයා එහෙම මේ ගැන අදහසක් දාල නැද්ද?(නදී)

:       0       0

පාලිත Sunday, 05 May 2013 09:43 PM

කටු ගෙදරින් හංගපු රත්තරන්ද මන්දා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site