IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බොරැල්ලේ වාහන පහක් එකට ගැටේ

බොරැල්ලේදී මින් මද වේලාවකට පෙර වාහන පහක් එකට ගැටී යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලදහ.

සෙසු වාහනවලට දැඩි හානි සිදුවිය.

මේ අතර නුවරඑළියේ වික්ටෝරියා උද්‍යානය අසළ නවතා තිබූ බසයකට හා වෑන් රියකට සයිප්‍රස් ගස් කඩා වැටී අලාභ හානි සිදු විය.

එම වාහනවලට පාසල් සිසුන් ගොඩවීමට මද වේලාවකට මේ ගස් කඩා වැටී ඇත.


 



අදහස් (0)

බොරැල්ලේ වාහන පහක් එකට ගැටේ

පාලිත Thursday, 13 June 2013 10:46 AM

මේවට ලියන අය කරුණාකරලා මොළ ඇතිව හිතලා ලියන්න. ප්‍රතිචාර දැක්කහම මෙච්චර මෝඩද කියලා හිතනවා අපේ රටේ මිනිස්සු (නි)

:       0       0

නුවන් Thursday, 13 June 2013 10:57 AM

වාහන නවතා තැබීමට ක්‍රමවේදයක් සකසා පරිසරයේ ගස් ඉවත් කර තැබීම හා පාර දෙපස ඇති සියලුම ගස් කැපීම විසඳුම නොවේ. මෙවන් කාළගුනික තත්ව ඇතිවීම සාමන්‍යයයි. අතීසාරයට අමුඩ ගහලා හරියන්නේ නැහැනේ (නි)

:       0       0

කුමාරි Thursday, 13 June 2013 11:27 AM

අපේ මහා පොලවට ඔය හැම ගහම හරියන්නේ නැහැ.බලන්න අමිත්ත ලියලා තියන ඇත්ත.අපේ අය මේවා ගැන දැනුවත් විය යුතුයි.පිටරටවල් වල තියන ගස්කොලන් හැදුවම අපේ රටට අහිතකර නම් අපිත් කරන්නේ ජාතික අපරාදයක් ඒවා වවලා. (නි)

:       0       0

ලහිරු Wednesday, 12 June 2013 11:13 PM

දෙවියන්ට බැරි වුනානේ බස් එක බේරන්න (නි)

:       0       0

දමයන්ති Thursday, 13 June 2013 11:54 AM

පොඩි උන්ගේ වාසනාව (නි)

:       0       0

කුමාරි Thursday, 13 June 2013 01:19 AM

සයිප්‍රස් ගහ කියන්නේ ගොඩක් හයිය ගහක් නොවේ. මේ ගස් හොද තාප්පයක් වෙනුවට වවලා ලස්සනට අඩි 5ක් 6ක් උසට කපන්න.ලංකාවේ පාර අයිනේ වෙන ගස් වවන්න නැතුවටද මේවා වැවුවේ? (නි)

:       0       0

ශාන්ත Thursday, 13 June 2013 01:40 AM

හැම දෙයකම වැරැද්ද අනුන්ට දෙන්න එපා (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 12 June 2013 06:06 PM

පඩි කන නගර සභාව නිදි ඈති මේ වගේ අවධානම් ගස් පාර අයිනෙන් අයින් නොකර. දේව හේතුවකට දරු පෑටව් ටික බේරුනා.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 06:50 PM

කාලගුනයගේ වරදනේ. කලින් කිව්වා නම් මේ අය ගස් ටික කපනවනේ නේද? (නි)

:       0       0

දමයන්ති Wednesday, 12 June 2013 07:01 PM

ලංකාවේ ඉන්න අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. තමන්ගේ බේරුමට මොනවාම හරි කියනවා (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 12 June 2013 07:13 PM

ගහක් කැපුවොත් නගර සබාවට බනිනවා, ගහක් නොකැපුවත් නගර සබාවට බනිනවා. මෙහෙමත් මිනිස්සු (නි)

:       0       0

පෙරේරා Thursday, 13 June 2013 07:27 AM

ශාන්ත, ඔබ කියන්නේ පිටරටවල් ගැන. ලංකාවේ ක්‍රමවේදය හැමවෙලේම වරද අනුන්ට පැවරීම. (නි)

:       0       0

ශාන් Wednesday, 12 June 2013 07:38 PM

පොඩ්ඩක් ඔළුව අතගාලා බැලුවොත් හොදයි අං එනවද කියලා. මොකද ඔය කියන විදියට පාරවල් වල තියෙන හැම ගහක්ම කපන්න වෙයි (නි)

:       0       0

රුෂාන් Thursday, 13 June 2013 08:35 AM

මෙතන බොරු කයිවාරු ගහන අය විතරයි ඉන්නේ. කොහෙවත් රටක ඉදන් මෙහෙ අයට බනිනවා. (නි)

:       0       0

මැණිකේ Thursday, 13 June 2013 09:50 AM

කුමාරි, නුවරඑළියේ තල් හෝ පොල් වැවෙන්නේ නැහැනේ. (ස)

:       0       0

චින්තක Thursday, 13 June 2013 03:01 PM

හම්මේ ඇති ඔයින් ගියා පොඩි උන්ගේ වාසනාවට. මොන වුනත් කමක් නැහැ ජීවිත ටික බේරිලා.(නදී)

:       0       0

අමිත්ත Thursday, 13 June 2013 10:07 AM

පයින් සයිප්‍රස් ගස් නුවරඑළිය පැත්තේ වැව්වේ සුද්දෝ නෙමෙයි කලුසුද්දෝ. මේවා නිසා කඳුකරයේ පස සෝදා පාලුවට ලක්වී නිසරු භූමියක් බවට පත්වෙනවා. රටේ බලශක්ති නිෂ්පාදනයටත් ගොවිතැනටත් අත්‍යවශ්‍ය ජලාශ රොන් මඩින් පිරී සුළු වැස්සටත් වාන් දානවා. ලංකාවේ කොස්, නැදුන්, බුරුත, මිල්ල, කළුමැදිරිය, කළුවර වැනි දැව සමග සසදන්නවත් බැරි තරමට ලීය බාලයි. කොළඹ පාරවල් දිගේ සිටුවා ඇති මාර ගස් වගේ අපේ දේශයට නොගැලපෙන නිසා සුළඟක් ආ ගමන් මේවත් බිම.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site