IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


බොරැල්ලේදී පොලිසියට පාට් දැමූ තරුණිය මාට්ටු

(ඉන්දිකා රාමනායක)

බොරැල්ල පොලිස් වසමේ මාර්ගයක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට  අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණිය ඇතුලු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුූව මහතා පවසයි.

මෙම සිද්ධිය මාධ්වල මෙන්ම සමාජ ජාලා වල ප්‍රචාරය වු බවද හෙතෙම කීය.

මෙම පිරිස අතර තරුණියන් දෙදෙනකු හා තරුණයන් දෙදෙනකු වන බවත්, පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින තරුණිය වත්තල ප්‍රදේශයේ පදිංචි (26) හැවිරිදි තරුණියන් බවත්, ඇය මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින්නියක් බවට ආවරණය වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 



අදහස් (8)

බොරැල්ලේදී පොලිසියට පාට් දැමූ තරුණිය මාට්ටු

කිරි පුතා Sunday, 08 May 2022 04:26 PM

ඇය පිළිබඳව දැඩි සේ නීතිය ක්‍රියාත්මක කර මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළ යුතුයි. රටේ ප්‍රශ්න මොනවා වුවද විනයක් තිබිය යුතුයි. පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවන් කරන්නේ රාජකාරියකි. ඔවුන්ට ගැරහීමට හිස් මිනිසුන්ට ඉඩ තැබීම භයානක දෙයකි...

:       15       152

රටවැසිSunday, 08 May 2022 06:07 PM

අද රටේ නීතිය වැරදි කරන අයට දඬුවම් දීම නොව.. පොලීසියට දඬුවම් කිරීමයි..! ඒ තරමටම රට අගාධයට වැටිලා..! ඉතින් මේ අයට නිසි දඬුවමක් ලැබේ කියලා හිතන්න අමාරුයි. සමහරවිට රාජකාරියේ නිරතව සිටි ඒ පොලිස් නිලධාරීන් දෙදෙනාට උසාවියෙන් දඬුවම් දෙයි..!

:       7       31

විපරමා Sunday, 08 May 2022 06:17 PM

එක රටක, එකම නීතියක් කිව්වාට දූෂිත දේශපාලුවන්ට ඒ කිසිවක් වලංගු නැතුවා...

:       14       37

හේසාSunday, 08 May 2022 08:18 PM

කුඩු කාරයින්ට මත්ද්‍රව්‍ය පොවා එවන අය හොයලා ඒ අයටයි දඬුවම් දෙන්න ඕනෑ. දැන් මාසයක්ම ගත වුණානේ. මොකද වුනේ...?

:       0       20

Nihal Sunday, 08 May 2022 05:18 PM

උපරිම දඬුවම් දිය යුතුයි. මොවුන් පොලිසියට මෙහෙම නම්... සිවිල් වැසියන්ට පාරක යන්න බැරිවෙනවා.

:       9       86

මැක්ස් Sunday, 08 May 2022 07:29 PM

ෂුවර් එකට මෙයත් අර වි⁣රෝධකාරියක් වෙන්න ඇති. එයාලා තමයි දැන් නීතිය අතට අරගෙන තියෙන්නේ...

:       40       90

ලලිත් පුෂ්පකුමාර Sunday, 08 May 2022 09:29 PM

ඔය විදිහටම බොරැල්ලේ පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා මහපාරේ යටකරලා මරපු අයටත් නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් කොහොමද?

:       17       42

Rata Perata Monday, 09 May 2022 11:59 AM

රටක විනය පිරිහෙනකොට මේ වගේ දේවල් සිදුවීම නවත්වන්න බෑ. පොලීසිය දේශපාලන වන්දනාවේ යන්නේ නැතිවහිටියා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 624 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1032 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site