
(කුෂාන් ජයවර්ධන)
කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණ ශාලාවේ සිරමැදිරිය අසළදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි රැදවියකුට මත් ද්‍රව්‍ය තොගයක් ලබා දුන් එම රැදවියගේ බිරිය අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වූ නඩුවකදී ලත් අධිකරණ නියෝගයක් අනුව බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට අද (30) ඉදිරිපත් කිරීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණි.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අදාළ රැදවියා ඇතුලු රැදවියන් පිරිසක් අධීකරණ ශාලාව තුළ පිහිටි සිර මැදිරිය වෙත රැගෙන යන අවස්ථාවේ අධිකරණ ශාලාවේ රැදී සිටි කාන්තාවක විසින් එම රැදවියාට මත්කුඩු අඩංගු පාර්සලය ලබා දී තිබූ බව පොලිසිය කියයි. අදාළ රැදවියා සන්තකයේ තිබි සැකකාර කාන්තාව විසින් ලබා දී තිබූ මත්දව්‍ය අඩංගු පාර්සලය ද සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණ.
සැකකාර කාන්තාව විසින් රැදවියාට ලබා දි තිබූ එම පාර්සලයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්රෑම් 480ක් හා දුම්කොල ග්රෑම් 300ක් ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මත්කුඩු අඩංගු එම පාර්සලය අධීකරණ ශාලාව තුළදී බන්ධනාගාර රැදවියාට ලබා දුන් බව කියන කාන්තාව මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාළ රැඳවියාගේ බිරිය බවට ද හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිරිය සැමියාට සිර මැදිරියේදී කුඩු දීලා
maalaka Wednesday, 01 October 2025 05:52 AM
පාර්සලයක් ලබා දෙනකොට පරීක්ෂා කරන්නේ නැද්ද ?
ධනා Wednesday, 01 October 2025 08:37 AM
කුඩ දීමේ වැරැද්ද මොකක්ද?
Bunny Preena Wednesday, 01 October 2025 09:53 AM
වැස්සට බන්ධනාගාරයේ වෙහෙලෙන් වතුර කාන්දු වෙලා ඒගොල්ලෝ තෙමෙනවා ඇති