IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


බිරිය මරා වළදාලා

දෙසතියකට පෙර ගාල්ල කහදූවතතේ සිය බිරිය මරා වැළලී යැයි කියන සැමියකු අත්අඩංගුවට ගත් පොලිසිය ඇය වළ දැමූ බව කියන ස්ථානය කැනීමට යයි. සැමියා වන දෙදරුපියා බාර වූ බව පොලිසිය පවසයි.



අදහස් (0)

බිරිය මරා වළදාලා

ජානක හේරත් Saturday, 12 July 2014 04:32 PM

දකුණේ ආශ්චර්ය, බෙන්තර ගගෙන් එහානේ මේවගේ සිද්දි වැඩිපුර සිද්ද වෙන්නේ. (ස)

:       0       0

කවිඳු Sunday, 13 July 2014 12:31 AM

මේ රටේ අපරාධ වැඩි වීමට එක හේතුවක් තමයි යම් පැමිණිල්ලක් දැම්ම විගසින් පොලිසිය ඒ ගැන ක්‍රියාත්මක නොවීම. තමන්ට ජීවිත තර්ජනයක් තිබෙනවා, එහෙමත් නැතිනම් සැක කටයුතු යමක් සිදුවෙනවා කියලා පැමිණිල්ලක් දැමු විට තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ අනෙත් පාර්ශවය හුරතල් කරන එක. දැන් බලන්න අර අයුතු යෝජනාවට අකමැති වීම නිසා මහා මග මරා දැමුණු කාන්තාවගේ ප්‍රශ්නය. මේ පුද්ගලයාගෙන් කරදරයි කියලා පැමිණිල්ල දැම්මම මිනීමරුවාගේ ගෙදර ගිහිල්ල තියෙන්නේ නෑදා ගෙදරක යනවා වගේ . " අනේ එයා ගෙදර නැද්ද ? එහෙනම් ඇන්ටි කියන්නකෝ අපි ඇවිදින් ගියා කියලා " ඔන්න අද පොලිසියේ තත්වය. (නදී)

:       0       0

පිටිගල Sunday, 13 July 2014 01:40 AM

අනේ අර ළමයි දෙන්නට අම්මෙක්? තාත්තා රිමාන්ඩ්. දැන් කවුරුවත් නැහැ. දරුවන් ගැන වත් දුර දිග හිතන්නේ නැති මෝඩ මිනිස්සු. (ස)

:       0       0

දිමුතු Sunday, 13 July 2014 04:06 AM

මේ අපරාධ සමහරක් වලට මුල පොලිසියට පැමිණිල්ලක් දැම්මත් ඒවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති කම. දැන් බලන්න අර අයුතු යෝජනාවට අකමැති වීම නිසා මරා දැමුනු කාන්තාව කල පැමිණිලි කනකට ගත්තේ නැහැ. මිනි මරුවාගේ ගෙදරට නෑගම් යන්න වගේ ගිහින් බලා තියෙන්නේ. "අනේ එයා ගෙදර නැද්ද? අපි ඇවිත් ගියා කියන්න ඇන්ටි " ඔහොම කියලා තර්ජනයක් ගැන කල පැමිණිල්ලක් විභාග කරන්න පුලුවන්ද ? (නදී)

:       0       0

හර්ෂනී Sunday, 13 July 2014 06:45 AM

සමහරුන්ට පේන්නෙ ම දකුණේ සිදුවීම් විතරයි බෙන්තර ගඟ මතක් වෙන්න. (ස)

:       0       0

නිමල් Saturday, 12 July 2014 11:18 AM

සිංහල ජාතිය උතුම්ම ලොවේ උතුම්ම ජාතිය. (ස)

:       0       0

සුමන Saturday, 12 July 2014 11:22 AM

"මානව හිමිකම් කොමිසම " කියනවා මරණ දඩුවම ඉවත් කරලා ජීවිතාන්තය දක්වා හිර දඩුවම පමුනුවන්නලු. මිනී මරුවාගේ මානව හිමිකම් ගැන කතා කරන අය හිංසනයට ලක්වූ අහිංසකයා ගැන කතා කරන්නේ නෑ. (ස)

:       0       0

ෂෙරිෆ් Saturday, 12 July 2014 12:36 PM

පේනවනේද? අපේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය. (අ)

:       0       0

පහන්දී Saturday, 12 July 2014 12:45 PM

දැන් කවුරුවත් මිණිමරන්න බය නැහැ මොකද උන් දන්නවා කවදාවත් එල්ලලා මරන්නේ නැහැ කියල, ජිවිතේ ඇති තුරාවට කෑම බිම ටික ලැබිල වෙලාවට නාල ඉන්න හිර ගෙදර තියෙනවනේ.., සුමන ඔයා හරි හිංසනයට ලක්වූ කෙනා ගැන කවුරුත් නිහඩ වේවි ටික දිනකින් මෙයත් අමතක වේවි...! (අ)

:       0       0

ඩිලාන් Saturday, 12 July 2014 12:57 PM

පැමිණිල්ලේ සාක්කි දුර්වලයි! . නඩුව එතැනින්ම ඉවරයි. (නදී)

:       0       0

මාරසිංහ Saturday, 12 July 2014 12:59 PM

නිමල්, එක සිදුවීමක් නිසා සිංහල ජාතිය උපහාසයට ලක්කරන්න එපා. අනෙක මේ ප්‍රවෘතියේ කිසිම තැනක කියල නෑ චුදිතයා සිංහලයෙක් කියලා. (නදී)

:       0       0

සිතුම් Saturday, 12 July 2014 01:17 PM

ගෙවල් වල ආරවුල් වලට ගෙය තුලදීම මරණ දඬුවම දී ඇති බවයි මට පේන්නේ. අලුගෝසුවන්, එල්ලුම් ගහ මෙවැනි මිනිසුන්ට උවමනා නැහැ වගේ. අද කාලේ අඩු වියදමින්- කාටවත් කරදර නොකර , වලක් හාරා ඉතාම සරලව, තමාගේ ජීවන සහකාරියගේ අවමගුල චාමෙට සිදුකරන්න ඇති. නීතියෙන් දඩුවම් දීමේ අඩුපාඩු නිසා අද අපරාද වැඩිවෙමින් පවතී. එයට වගකිවයුත්තේ කවුද? (නදී)

:       0       0

රූපසිංහ Saturday, 12 July 2014 01:46 PM

බිස්කට් පෙට්ටියේ කිරිකැටි බිලිදෙක් අත්හැර දමාගොස් ඇත. ගෙට ඇතුළු වූ සොරු වයසැති අහිංසක මහලු මවක් මරා දමා ඇත; නාගොඩ ගැමියෙකුගේ අතක් කපු බවට සැකකොට සමෘද්ධි නිලධරයකු අල්ලා ඇත; මට්ටක්කුලියේ කාන්තාවක් සහ මිනිසෙකු ස්ථාන දෙකකදී මර දමා ඇත; නුගේගොඩ දෙල්කද දී සහ රත්ගමදී මත් කුඩු සැකකරුවන් සමග අත්අඩංගුවට ගනී; මේ අද දින එසැන පුවත්. මිට පෙර තවත් කොපමණ ව්‍යසන අපරාද කොතෙකුත් අප අසා ඇතිද? මොකද මේ අප රටට මේ වුයේ. මට දැන් වයස අවුරුදු 58 යි. මගේ දැනුම් තේරුම් වයසේදී පාර අයිනේ කපුටෙකු මල පසු කීදෙනෙක් අනේ අනිච්චන් කියමින් කම්මුලට අත තබාගෙන රොක්වී එදෙස බලා හිටියාද කියා අද මට මතක් වේ. (ස)

:       0       0

සත්‍යා Saturday, 12 July 2014 01:59 PM

දවසින් දවස රටේ වැඩිවන අපරාධ ගැන මේ පුංචි තීරයේ අදහස් දැම්මට වැඩක් නැහැ. මොකද අපරාධ වල උල්පත් තියෙන්නේ උස් කඳු මුදුන් වල නිසා. මිටි තැනින්ම තමයි වතුර බහින්නේ. නීතිය වල වැදුනහම අපරාධ කාරයෙක් වෙන්නෙත් අපරාධ වලට ගොදුරු වෙන්නෙත් බොහෝ විට අසරණ මිනිස්සු. (ස)

:       0       0

පිටිගල Saturday, 12 July 2014 03:29 PM

එල්ලුම් ගහ ගේන්න කියලා මෙතරම් මහා ජන හඬක් නො ඇසෙන විදිහට ජනාධිපති තුමා ඉන්නේ ඇයි? හිටපු ජනපති තුමිය බෙල්ජියමෙන් කඹයක් හෙම ගෙනත් එල්ලුම් ගහ ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා කියලා ගිය ගියාමයි.එන්න එන්න අපරාධ වැඩි වෙනවා. මෙහෙම ගියොත් අපට යන්න වෙන්නේ ආස්චර්යයට නම් නෙවෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 165 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 61 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 431 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී
2025 මැයි මස 15 543 0

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.


අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 1592 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 918 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1469 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site