IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘බොරදිය පොකුණ’ කැලැතූ කෞෂළ්‍යා

 fch 

 

”පොකුණකි එය පැරණි මහනෙල් සුවඳ දුනි
කුඩ මසු බොහෝ ගැවසුණි. කෙකටිය කුළුණු යට දඟයේ වෙලී පැටලූණි.
පොකුණු දිය බොර වුණි දිනෙක කළුවර දුරුවුණි....
බොරදිය පොකුණ පෑදුණි නුහුරු සුවඳක් විහිදුණි.
පැරණි නෙළුමක් දියෙන් මතු වුණි.”

මේ දිනවල තිරගත කෙරෙන සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ සුනිල් ධර්මසිරි නිෂ්පාදනය කළ ”බොරදිය පොකුණ” සිනමා නිර්මාණය සඳහා වන මාධ්‍ය දැක්ම වෙනුවෙන් අපට ඒවා තිබුණු ඇරයුම් පතෙහි එලෙසින් සඳහන්ව තිබිණි. මේ බොරදිය පොකුණ චිත‍්‍රපටය නිර්මාණය වූයේ මීට වසර 12කට පමණ පෙරදීය. නමුත් විවිධාකාර හේතූන් නිසා මෙය තිරගත වීම අත්හිටුවා තිබිණි. දැන් ඒ වාරණයෙන් පසුව බොරදිය පොකුණ තිරගත වීම ඇරඹී තිබේ. එදා එහි රඟපෑමට එක් වූ ශිල්පීන් පිරිස පවා අද වයසින් මුහුකුරා ගොසිනි. ප‍්‍රවීන රංග ශිල්පිණි කෞෂල්‍යා ප‍්‍රනාන්දු ද ඒ අතර සිටී. එදා ”බොරදිය පොකුණට” ඇය එක් වූ හැටි සහ අද ඇයට එය දැනෙන හැටි පවසන්නට අපි ඇය සැඳැල්ලට කැඳවීමු.

 

SAN_3918

button ”කෞෂල්‍යා” වසර 12කට පමණ පෙර රඟපෑ ”බොරදිය පොකුණ” චරිතයේ අතීතයට ගියොත්?
ඇත්තටම බොරදිය පොකුණ චිත‍්‍රපටයේ එදා මම රඟපෑමට එක්වුණේ රංගනය ගැන ගැඹුරින් හිතන්න, අධ්‍යයනය කරන්න, උනන්දුවxආසාව තදින්ම තිබූ කාල සමයකදියි. ඒ හැරත් අදට වඩා නිදහස් මානසික පරිසරයක් පවා ගොඩනැගී තිබුණු කාලයකදීයි. ඒ නිසා සීයටxසීයක්ට වඩා සීයටxදෙසීයයකින් එදා ඊට කැප වී රඟපෑමට හැකි වුණා.

 


button අද රඟපෑමට ප‍්‍රවේශවීමේදී ඔය කියන නිදහස් මානසික පරිසරය නැද්ද?
මම කියන්නෙ මගේ ජීවිතය වටා ඇති පරිසරය ගැනයි. එදා මම විවාහ වෙලා සිටියේ නැහැ. දරුවෝ හිටියේ නැහැ. බැඳීම් තිබුණෙ අඩුවෙන්. එදා මම හිටියෙ පවුල කියන රාමුවෙ නෙවෙයි. ඒ නිසා සැහැල්ලූවක් තිබුණා. ඒ ගැනයි මම කිව්වේ. මේක  ඕනෑම සමාජයක ජිවිත ගලායන ස්වභාවයයි. අද රංගනයට අමතරව මම සරසවියේ බාහිර කතිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. ඊට අමතරව නාට්‍ය හා රංග කලාව ගැන පුහුණු පාසැල පවත්වාගෙන යනවා. ඊළඟට මගේ පවුල, හැබැයි මම කරන කුමක් හෝ චරිතයකට මේවා බලපෑම් කරන්නෙ නැහැ. නමුත් ජීවිතය ඇතුලෙ ඇති සැහැල්ලූවට එහා ගිය ස්වභාවය ගැනයි මම කිව්වෙ.

 


button කොහොම වුණත් එදා ඔබ දායක වූ මේ චරිතය අදට සාපේක්ෂව ඔබ දකින්නෙ කොහොමද?
මට හැෙඟන විදියට එදාට වඩා අදට මේ චරිතය තේරුම් ගැනීම පහසුවක් වේවි. මොකද එදාට වඩා සමාජය සංකීර්ණ වෙලා, පුළුල් වෙලා. නමුත් ඒ නිසාම එදාට වඩා අද ආසාවන්, හැඟීම්, තණ්හාව වැඩිවෙලා. ආදරය කරනවා නම්, එයින් උපරිම තෘප්තියක් ලබන්න, ව්‍යාපාරයක් කරනවා නම්, එයින් උපරිම ධනයක් එක් රැුස් කරන්න, අන්න ඒ විදියට තමයි සමාජය ගලාගෙන යන්නේ.

 

fkm
button මෙම චිත‍්‍රපටය තිරගත කිරීමට මෙතෙක් කාලයක් අවසර නොලැබෙන්න ඇත්තෙ ඇයි?
මෙහි කතාවට අදාලව චරිත විකාශය වීමේදී, ඒවා ගලායන අන්දමට අදාලව තමයි රූප රාමු පෙළ ගැසී තිබෙන්නෙ. නියමාකාරයෙන් කතාවට අදාලව එය සංකලනය වී මුසු වී තිබෙනවා. එහි ඇතුළත් ලිංගික දර්ශනය ඒ නිසා ඊට ප‍්‍රත්‍යක්ෂයි. එය කපා හැර ඉදිරිපත් කිරීම වෙතින් චිත‍්‍රපටයේ උකහා ගැනීම කළ නොහැකියි. ඒත් මීට පෙර වාරණ මණ්ඩල මේ දර්ශන ඉවත් කරන්න යැයි කියා තිබුණා. එසේ තිබියදී 2010 දී පමණ එවකට චිත‍්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිතුමා යම් යම් සංස්කරණයක් සහිතව මෙය තිරගත කරවීමට අවසර ලබා දී තිබුණා.

 


button ඔබ ඔය සඳහන් කළ විදියේ චිත‍්‍රපටයක් අද ඔබගේ පවුලේ අය නැරඹීමෙන්, එය ඔබගේ පවුල් සංස්ථාවට කෙසේ බලපාවීද?
මගේ පවුලේ දෙමාපියන්, ස්වාමිපුරුෂයා ඇතුළු ඒ හැමෝටම  ඕනෑ කරන්නෙ ගුණාත්මක තත්ත්වයෙන් මාව හොඳ නිළියක කරවීමටයි. වෘත්තීය ගුණාත්මක බව ලබාදීමටයි. මේ නිසා ඇත්තටම බාහිර දේවල් බලපාන එකක් නැහැ.

 


button ඔබගෙ පවුලේ විස්තර කියමු?
සැමියා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. අපි දෙන්නට දරුවෝ දෙදෙනයි. ඒ දෙන්නා නිවුන්නු. ඒ දේවල් එක්ක සැමියා සහ මම එකතු වෙලා නිර්මාණශීලී තරුණ පරපුරක් කලාවට දායක කිරීමට සහ උදව් කිරීම උදෙසා අපට හැකි විදියට කටයුතු කරනවා.

 


button පේ‍්‍රක්ෂිකාවක ලෙස ඔබ මේ චිත‍්‍රපටය දකින්නෙ කොහොමද?
මම හිතන්නෙ මෙහි අධ්‍යක්ෂක සත්‍යජිත් මාඉටිපේට මේ චිත‍්‍රපටය එක්ක බොහෝ දේ එයාට අහිමි වුණා. බොහෝ බාධා ඇති වුණා. නමුත් කෙසේ මොන දේ වුවත් මෙය අති විශිෂ්ඨ නිර්මාණයක් බව බොහෝ දෙනා මේ වන විට ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ ගෞරවය ඔහුට හිමි විය යුතුයි. මම කියන්නෙ මේ චිත‍්‍රපටය නැරඹූ පසු ඔබට ඔබගෙ ජීවිතය මෙහි කොතැනකදී හෝ හමුවේවි. යන්න
ගිහින් බලන්න ”බොරදිය පොකුණ” එය සැබෑවක් නොවේද කියා?

 

sadun-gamage



අදහස් (0)

‘බොරදිය පොකුණ’ කැලැතූ කෞෂළ්‍යා

සමන්තිකා Wednesday, 18 March 2015 06:49 AM

අපිට සිටින ඉතාම දක්ෂ නිලියක්.ඔබතුමියට සුභ පතමි! (ම)

:       0       0

විල්මා Sunday, 08 March 2015 06:53 PM

සත්‍ය වශයෙන්ම ඔබ ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ බව අපි හැමෝම අනිවාර්යෙන්ම පිළිගන්නා කරුණක්.විදේශගතව ඉන්න අපිට මේ චිත්‍රපටිය බලන්න දැන්ම බැරිවුණත් ඔබේ රඟපෑම් ගැන අමුතුවෙන් කිවයුතු නැහැ.ඔබට සියලු ජය ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

දුලිප් Friday, 27 February 2015 10:38 PM

කීර්තිමත් ජ්‍යෙෂ්ට පරිපාලන නිලධාරියකු සහ තානාපතිවරයකු වූ ලයනල් ප්‍රනාන්දු මහතාගේ සහ ප්‍රවීන නාට්‍ය නිෂ්පාදික සහ නිලි සෝමලතා සුබසිංහ මහත්මියගේ දියණිය වූ ඔබ කවුදැයි අපි හොඳින් දනිමු. ඔබගේ රංගන ප්‍රතිභාව තවත් දියුණු වේවා, බොහෝ දේ කරන්නට ශක්තිය ලැබේවා!(නදී)

:       0       0

වීරා Saturday, 28 February 2015 05:55 PM

ඔබ අති දක්ෂ කලා ශිල්පිනියක්. ඔබගේ දුන්හිඳ අද්දර රංගන තාම මතකයි. මගේ ප්‍රියතම නිලියක් ඔබ. ඔබට ජය පතමි (නදී)

:       0       0

වීරසිංහ Saturday, 28 February 2015 05:55 PM

ඔබ අතිදක්ෂ කලා ශිල්පිනියක්. ඔබගේ දුන්හිඳ අද්දර රංගන තාම මතකයි. මගේ ප්‍රියතම නිළියක්. ඔබට ජය පතමි (නි)

:       0       0

රුවන් ජයතිලක Friday, 06 March 2015 03:14 AM

ඔබ හා චන්දන අයියා අතිදක්ෂ කලා ශිල්පීන්. මම දැනට පදිංචිව සිටින්නෙ කැනඩාවේ. මම සහ මල්ලි ඔබගේ ආයතනයේ ඉගෙන ගත්තේ 1986දී. ඔබට ජය පතමි. (නි)

:       0       0

සරත් Saturday, 28 February 2015 06:11 AM

මා විදේශ රටක සිටින නිසාත්, ලගදීම ඒමට නොහැකි නිසාත් මෙම චිත්‍ර පටය බලන්න පුළුවන් විදියක් ගැන කියන්න. කෞශල්‍යා ඔබ මගේ ප්‍රියතම නිලියක්. ඔබට සුබ අනාගතයක්. (අ)

:       0       0

ප්‍රසන්න Friday, 13 March 2015 12:34 PM

හොඳ රඟපෑමට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 07:23 AM

පෙනන-දකින ජීවිත රංග මණ්ඩලෙන් ඔබ්බට ගිය නිලියක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site