IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය මෙරට හතර දෙනකුට දොර වහයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නීති විරෝධී ඝාතනය කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් ඇතුළු මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදුකළ දැඩි මානව හිමිකම් කඩ කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් තිදෙනකුට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධානියකුට බ්‍රිතාන්‍ය රජය විසින් සම්බාධක පනවනු ලැබුවේය.

ශ්‍රී ලංකා හිටපු යුධ හමුදාපතිවරුන් දෙදෙනකු වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජය මෙලෙස සම්බාධක පනවා තිබේ.

ඒ අනුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ගේ කිසියම් දෙපළක් බ්‍රිතාන්‍ය තිබේ නම් එම දේපළ තහනමට ලක්වනු ඇති අතර ඔවුන්ට බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමද තහනම් වනු ඇත.

විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩේවිඩ් ලැමී සම්බාධක පනවමින් ප්‍රකාශ කර සිටියේ මෙරට සිවිල් යුද්ධය පැවැති සමයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ අපයෝජනයන්වලට වගවීම සෙවීමටත්, මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් බ්‍රිතාන්‍ය කැපවී සිටින බවයි.

 



අදහස් (25)

බ්‍රිතාන්‍ය මෙරට හතර දෙනකුට දොර වහයි

Hashan sanjula nicholas Tuesday, 25 March 2025 08:04 AM

සංචාරය කරන්නම රට පකිස්තාන කාරයො පිරිලා

:       2       22

Nickon Tuesday, 25 March 2025 08:32 AM

වසන්ත කරන්නාගොඩ, ජපානයේ හිටපු තානාපති! මෙහෙම උං ද තානාපති කොරලා යැව්වෙ රාජපස්සලා?

:       34       11

dds Tuesday, 25 March 2025 08:49 AM

මේ ප්‍රතිකාර කරන්නේ රෝග ලක්ෂණ වලට විතරයි. ජාතිවාදය වැපිරූ සිංහල, දෙමල නායකයින් වගේම බෙදා වෙන්කිරීම රටවල් පාලනය කරන්න යොදාගත් එංගලන්ත ප්‍රමුඛ ආක්‍රමණිකයන්ද මේවාට වගකිව යුතුයි. සැබෑ යුක්තිය ඉෂ්ඨ වෙන්නේ මේ සියල්ලෝම වගකිවයුත්තන් ලෙස නම්කර සිදුවන පරීක්ෂණයකින් පමණයි.

:       2       48

යෝගා Tuesday, 25 March 2025 09:10 AM

බලමු ආණ්ඩුව මෙයට තදින් විරෝධය දක්වයිද නැත්නම් කොටි ඩයස්‌පෝරාවේ සල්ලිවලට යටවෙලා කටවහන් ඉඳියිද කියලා.

:       54       48

රම්බොඩ Tuesday, 25 March 2025 09:39 AM

බටහිර කියන්නේ ත්‍රස්තවාදීන්ට දොර ඇරලා නීතිගරුක සමාජයට දොර වහන කොටසක්නේ. ඒ ගැන ඒ හැටි කළබල වෙන්න අවශ්‍ය නෑ. වර්ථමාන ආණ්ඩුව ට නම් මේ ගැන කිසිම හැඟීමක් ඇතිවෙයි කියලා හිතන්න බෑ.

:       24       39

harsha Tuesday, 25 March 2025 09:47 AM

යුද අපරාධකරුවන්ට හොඳ තීරණයක්

:       35       10

කෞෂිTuesday, 25 March 2025 10:15 AM

යෝගා රම්බොඩ ගුණරත්න, ඔයා බලන් ඉඳල මොනවා කරන්නද, මෙතන හැච හැච ගානව ඇරෙන්න?

:       5       13

Lalla Tuesday, 25 March 2025 09:49 AM

ඉතින් බ්‍රිතාන්‍යයට නොගිහිල්ල ඉන්නම බැරි ගායක් තියෙනවද? දේපල එහෙම අරගෙන තියනවද? එහෙම නම් ඒව මොන ක්‍රමයෙන් මිලයට ගෙන තියෙනවද කියල ආණ්ඩුව හොයන්න ඕන! ලංකාවේ පටිවලින් බ්‍රිතාන්‍යය දේපොල ගන්න එක බැරි බව ඇත්ත නේද?

:       5       16

dds Tuesday, 25 March 2025 10:03 AM

පක්ෂ දේශපාලනයෙන් අන්ධ වුණු මනස් ඇති මිනිස්සු මොනවා කිව්වත් ඒවල එච්චර අගයක් නෑ. පාලකයින් පත්වෙලා ඉන්නේ නිසි කලට ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. තමන්ගේ පැවැත්ම විතරක් හිතන පාලකයින් නිසා වරප්‍රසාද රහිත පවුල්වලින් උතුරින් හෝ දකුණින් එන තරුණ තරුණියන් උද්ඝෝෂණ, අරගල අවසානයේ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමුවීම වළක්වන්න බැහැ.

:       1       34

මැක්ස් Tuesday, 25 March 2025 10:05 AM

මෙහි ඇති වඩාත්ම විහිළු සහගත ස්වභාවය වන්නේ කිසිම එල්ටීටීඊ ත්‍රස්තවාදියකුට කිසිවකුට මේ චෝදනා නොමැති වීමයි. එහි තේරුම ඔවුන් ඉතා විනයගරුව අන්දමින් ත්‍රස්තවාදී කටයුතුවල නියැලුණු බවට එක්සත් රාජධානියේ ඊනියා ආණ්ඩු සළකන බව ද? එසේම, එසමයේ යුද හමුදාවට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකාට ද මේ බටහිර රටවලින් කිසිම අවලාදයක් නොමැති වීමත් පුදුම සහගත ය. ශවේන්ද මහතා පසුගිය අරගල සමයේ බ්‍රිතානි සහ ඇමරිකානු උවමනා වෙනුවෙන් පෙනී සිටියත් ඔහුටත් ඉන් ප්‍රයෝජනයක් අත්වී නොමැති සේ ය. අපගේ නිවට ආණ්ඩුව නම් මෙහි දී අඳ ගොළු බිහිරි න්‍යායයෙන් කටයුතු කරනු ඇති බවට නම් කිසිම සැකයක් නැත.

:       22       38

හසකTuesday, 25 March 2025 10:27 AM

LTTE යුධ අපරාධකරුවන් සියල්ලම වගේ ඝාතනය වෙලා, නැත්නම් සිරගත වූවන්. JVP අයත් එහෙමමයි. ඝාතනය වෙලා, නැත්නම් සිර දඬුවම් විඳලා. නමුත් රාජ්‍ය ත්‍රස්තවාදීන්? ශිෂ්ඨ සම්පන්න රටක නීත්‍යානුකූලව පත්වුණ රජයකට කුමන තත්ත්වයක් යටතේ හෝ ත්‍රස්තවාදීන් වගේ හැසිරෙන්න බැහැ. රටේ පිලිගත් නීතිවලට අනුව ක්‍රියා කලයුතුයි.රාජ්‍ය ත්‍රස්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.

:       16       28

RohanTuesday, 25 March 2025 11:38 AM

කොටි ත්‍රස්තවාදීන් වූ අතර ඔවුන් මානව හිමිකම් ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා නොකෙරේ, නමුත් නීත්‍යානුකූල රාජ්‍යයක් එසේ කළ යුතුය.

:       1       3

අරවින්ද මොණරවිල Tuesday, 25 March 2025 11:01 AM

නීතිය කාටත් එක විය යුතුයි, අපරාධයක් කර ඇත්නම් තරා තිරම නොබලා දඩුවම් කල යුතුයි ඒක අපි මෙහෙම පටන් ගන්න කියලා එංගලන්ත ආණ්ඩුවට යෝජනා කරමු. එනම් 1815 දී මෙරට ආක්‍රමණය කිරීම, දේපොල මංකොල්ල කෑම හා ස්වදේශිකයන්ට එරෙහිව ත්‍රස්තවාදය පැතිරීම හා ගාතනය කිරීමට එරෙහිව පෙඩ්රික් නෝර්ත්ගේ සිට මේසන් මුවර් දක්වා සියලුම බිත්‍රානය ජාතිකයන්ට එරෙහිව නඩු පවරා දඩුවම් ලබා දිය යුතු බවට.

:       4       30

sam Tuesday, 25 March 2025 11:01 AM

එක්සත් රාජධානියේ විශාල LTTE ජනගහනයක් සිටිති.

:       0       31

P....D GOONAWRDENE Tuesday, 25 March 2025 11:36 AM

අනේ කව්ද බොලගේ රටේ සංචාරයේ එන්නේ...යන්නම ඕනේ රට....

:       0       0

Perera Tuesday, 25 March 2025 12:43 PM

රාජපක්ෂ හැතිකර අපත පවුලේ එවුන්ටත් ඔය තහනම පනවන්න ඕනෑ...

:       9       9

Asela Tuesday, 25 March 2025 12:47 PM

ඒ කාලේ ඉන්දියානුවන් නිෂ්පාදනය කරපු සබන් එකකට පවා එන්පිපි වහලුන්ට සහ ඔවුන්ගේ ලොක්කන්ට බෝයිකෝට් එකක් තිබුණා. ඔවුන් බටහිර ලෝකය හැඳින්වූයේ "අධිරාජ්‍යවාදී" ලෙසයි. කෙසේ වෙතත්, මෙම එන්පිපි දුක්ඛිත හා කාලකණ්ණි ලොක්කන් සම්පූර්ණයෙන්ම යූ ටර්න් එකක් ගෙන අපේ හමුදා හමුදාවන්ට සමච්චල් කළා. දැන් එන්පිපි වහලුන්ට කොටි කළා වගේ මොළේ පෑදිලා තියෙන නිසා, ඔවුන්ට විරෝධතාවයේ කෙඳිරිගෑමක් නැහැ. අඩුම තරමේ නාමල්ට එන්පිපි බලඇණිවල ඊනියා නායකයින් නිහඬව සිටින කොඳු නාරටියක් තිබුණා. අපි ජීවත් වෙන්නේ මොනතරම් දේශද්‍රෝහී රාජ්‍යයකද?

:       5       8

වින්සන්ට් කජ්ජාTuesday, 25 March 2025 01:17 PM

අපි ජීවත් වෙන්නේ දේශද්‍රෝහීන් හැට හැත්ත වසරක් පාලනය කල රටක. ඒකයි ඔය ප්‍රශ්න.

:       3       12

indika Marasinghe Tuesday, 25 March 2025 12:50 PM

රටේ ජනතාවට යුද සමයේ සිදුවුණු සිදුවීම් සහ රණවිරුවන් යුද්ධය නවත්වන්න වෙහෙසුණු හැටි අමතක වෙලා

:       8       8

පිටිගල මිලානෝ Tuesday, 25 March 2025 04:59 PM

ශවේන්ද්‍රගේ දියවන්නාවේ ගෙදර අනීතික ඔප්පුවකින් රිසවේෂන් ඉඩමක තියෙන්නේ කියන කතාවක් තියෙනවා. අදාල බලධාරින් මේ ගැන පරීක්ෂණයක් පවත්වා මොහුගේ නම නිරවුල් කර දෙන්න. නැත්නම් නඩු දමන්න.

:       3       0

Saman Tuesday, 25 March 2025 05:07 PM

සරත් ෆොන්සේකා මහතා මෙම ලැයිස්තුවට ඇතුළත් නැද්ද?

:       0       2

නන්දන පනා-මිලානෝ Tuesday, 25 March 2025 05:43 PM

කප්පම් ගැනීම සඳහා ළමයි පැහැරගෙන ගොස් මරා දැමීමේ කේස් එකේ අළුත්ම තත්වේ මොකක්ද? කරන්නාගොඩ ඇතුළු පිරිසට ඇතුළට යන්න වේවිද ළඟදීම…?

:       1       0

de silva Tuesday, 25 March 2025 08:01 PM

සාගර ඔයාට උතුර දකුණ මාරුවෙලා..., මේ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වුනේ වසර ගණනාවකට පෙර, මේවාට වගකියන්න ඕනේ එම කාලේ සිටි අපේ තානාපති අංශ මේ ප්‍රශ්න ජාත්‍යන්තරය ඉස්සරහ සාකච්ඡා වෙනකොටම ඔවුන් ඉදිරිපත්වෙලා උත්තර බඳින්න ඕනේ. නමුත් අප්පච්චිගේ කාලේ තානාපති කම් කලේ නිලා වික්‍රමසිංහ, විශ්‍රාම ගිය දේශපාලකයින්, හමුදා නිලධාරීන් වැනි පුද්ගලයින් ඔවුන්ට තානාපති සේවය ගැන දැනුමක් තිබුනේ නැත.. මේ ඔක්කෝම ප්‍රශ්න වර්තමාන ජනාධිපතිවරයාට විසඳන්න බැරිය. ඔහු දන්නා යුද්ධයක් නැත.. ඕවාට උත්තර බඳින්න හොඳම පුද්ගලයින් දෙදෙනා වන්නේ සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ය..

:       0       0

R.T.sarath Tuesday, 25 March 2025 08:08 PM

සාගර ඔයාට වයර් මාරුවෙලා, එම කාලේ යුද්ධය පැත්ත පළාතකවත් නොගිය සිවිල් වැසියෙකු වුණු අනුර දිසානායක කොහොමද මේවාට උත්තර දෙන්නේ? ඔහු උත්තර දෙන්න ගියොත් මේක අර වඳුරාගේ කතාව වගේ තවත් අවුල් වෙනවා. මේවාට උත්තර දෙන්න ඕනේ සරත් ෆොන්සේකා...!

:       0       0

prasanna Wednesday, 26 March 2025 11:04 AM

මාලිමාවේ සහ ඩයස්පෝරාවේ එක්තරා ප්‍රතිපලය මේකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 210 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 132 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


යතුරුපැදි අනතුරින් සිසුවා මරුට
2025 මැයි මස 02 294 0

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .


නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 282 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


දේශබන්ධුට පාතාලයෙන් තර්ජන
2025 මැයි මස 02 449 3

තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස


අද කාලගුණය
2025 මැයි මස 02 95 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 415 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 108 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1130 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site