
ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. පක්ෂ නායක රිෂී සුනාක් අග්‍රාමාත්‍ය ධුරය හොබවයි.
අග්‍රාමාත්‍ය සුනාක් මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ, ඔහු සහ කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වී ඇති අවස්ථාවකය. එහෙයින් විපක්ෂය වන කම්කරු පක්ෂයට මහ මැතිවරණය ජය ගැනීමට හැකිවනු ඇතැයි ද පැවැසෙයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන ගණන 650 කි. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. විපක්ෂය වන කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු නීතීඥවරයකු ද වන කිර් ස්ටැමර්ය. කම්කරු පක්ෂය මැතිරණය ජයග්‍රහණය කළහොත්, කීර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි