IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය - දකුණු අප්‍රිකාව සති තුනක කාලයක් වසා දමයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය පැතිර යෑමේ වේගය අඩු කිරීම සඳහා සති තුනකට රට වසා දමන බව බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළේය.

රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අත්‍යවශ්‍ය සේවා හැර අන් කටයුතු සියල්ල නවතා දමන බව ප්‍රකාශ කළ අතර බ්‍රිතාන්‍ය වැසියන්ට ගෙදර ඉන්නැයි නියෝගය කළේය.

දකුණු අප්‍රිකාව ‘ලොක්ඩවුන්’ එසේත් නැතිනම් රට වසා දැමීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ අනිද්දා එනම් බ්‍රහස්පතින්දා (26) සිටය. දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැම්පෝසා ද ජාතිය අමතමින් ඒ බව නිවේදනය කළේය.

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සහ ව්‍යාප්ත වීමේ වේගය පාලනය කිරීමටත් ලෝකය මුහුණ දී සිටින ව්‍යවසනකාරී තත්ත්වයෙන් රටවල් මුදාගැනීමටත් මීට පෙර නොගත් සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇතැයි නායකයෝ දෙදෙනා ප්‍රකාශ කළහ.

බ්‍රිතාන්‍ය එලෙස දැඩි පියවර ගත්තේ ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කරන තිබෙන නව කොරෝනා හෙවත් කෝවිඩ්-19 වයිරසය ගෝලීය ව්‍යාප්තය වැඩි වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන මොහොතකය.

මේ අනුව ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ දැඩි සීමා පනවා ඇති රටවල් ගොන්න අතරට බ්‍රිතාන්‍ය ද එක්විය. කොරෝනා වයිරසය හේතුවෙන් අද (24) පස්වරුව වනවිට වාර්තා වූ සමස්ත මරණ ගණන 16,595ක් වූ අතර ආසාදිතයන්ගේ ගණන 383,944ක් විය.

ඒ.එෆ්.පී.

055

 

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය - දකුණු අප්‍රිකාව සති තුනක කාලයක් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 37 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site