තංගල්ල මැඩිල්ල නිවාඩු නිකේතනයක නත්තල් සාදයකදී පිහිවලින් කපා කොටා වෙඩි තබා බි‍්‍රතාන්‍ය ජාතික ඉසෙඞ් ෂයිෆ් (32) ඝාතනය කිරිම සම්බන්ධයෙන් 28 වැනිදා පොලිසියට බාර වූ සැකකරුවන් තිදෙනකු ප‍්‍රකාශ සටහන් කර මුදා හළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි. මේ තිදෙනා ඝාතනයට සෘජුව සම්බන්ධ වී නැති බව පරීක්ෂණවලදී තහවුරු වී යැයි තංගල්ල පොලිස් අධිකාරි සී.ඊ. වෙදිසිංහ මහතා පවසයි. මෙම ඝාතනය සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදාන පතිරණ සහ ඔහුගේ පෞද්ගලික ලේකම් තලගම ප‍්‍රගීත් චතුරංග ඇතුළු පස්දෙනෙක් රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබ සිටිති.
2025 නොවැම්බර් මස 04
659
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බි‍්‍රතාන්‍ය ජාතිකයා ඝාතනය
අසිත පරාක්‍රම Tuesday, 03 January 2012 02:58 AM
වැරැදි දේ වැරැදිමයි. බලය අයුතු ලෙස පරිහරණය කරන්න හොද නෑ. මේවගේ වැඩ වලින් රටේ නමටත් හොද නැහැ
රුවන් පීරිස් Friday, 30 December 2011 09:40 AM
රටට හොද ආදායමක් ලැබේවී !
රෝයි Friday, 30 December 2011 09:46 AM
අපේ සන්ධානේ ඇත්තෝ ඕවා කරන්නේ නැහැ. මමනම් හිතන්නේ ඔය විදේශිකයා මුලින්ම වෙඩි තියලා, ඊට පස්සේ තමන්ටම වෙඩි තියාගෙන, තමන්ම කපා කොටාගෙන මැරුණා කියලා. ඒකට අපේ සභාපති පලිද?
ප්‍රියන්ත සෙනෙවිරත්න Friday, 30 December 2011 12:01 PM
ඕක සුලු දෙයක්නෙ අර විභාගය වගේ
ආර්. ස්ටැනිස්ලෝව්ස් Friday, 30 December 2011 12:47 PM
අනිවර්යෙන්ම ඔය සභාපති එළියට එයි. මොකද එයා අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක්ගේ හොදම යාලුවෙක්ලු
dan Friday, 30 December 2011 01:08 PM
මේක නම් රටට හොද දෙයක් නෙමෙයි. මේවා කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕනා ලෝකෙට පෙන්නන්නත් එක්ක. ඒ වගේම අපේ මිනිස්සුත් පිටරටවලදී අනන්තවත් මරල දානවා. මේ වගේ ඒවා ගැනත් මීට වඩා හිතන්න ඕනා
දර්ශන් Friday, 30 December 2011 01:31 PM
අනේ ඕකත් යටගහල දාන්නකෝ අර අනෙක් ඒව වගේ
චරිත් Friday, 30 December 2011 02:50 PM
රට කන්න ඉපිදිච්ච අය. ආගන්තුකයින්ට සලකන්නවත් නොදන්න .......
නිමේෂ් Friday, 30 December 2011 03:28 PM
ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද?
ගම Friday, 30 December 2011 03:52 PM
මේක ලංකාවනේ
ලාංකිකයා Saturday, 31 December 2011 08:27 AM
මේක වැරදියි තමයි. හැබැයි හැම දේටම ආණ්ඩුවට බැනල වැඩක් නැහැ. මිනිස්සු කරන කියන හැමදෙයක්ම ආණ්ඩුවට පාලනය කරන්න බැහැ. ඔය වගේ කතා කියන්නේ මානසික ලෙඩ්ඩු බවට පත්වෙලා සිටින එජාප සහ ජ්විපෙ අය තමයි. මොළේ තියන අය තේරුම් ගන්නවා.
Ane Manda Saturday, 31 December 2011 01:09 PM
තංගල්ල වැල්ල හිස්
රත්නායක Sunday, 01 January 2012 09:45 AM
ඕක විදේශිකයකුට වුණ නිසා ටිකක් හරි හොයනවා.
sova Sunday, 01 January 2012 02:02 PM
මේක වග කියන්න ඕන දේශ පාලකයෝ