IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය අගමැති ලංකා යහපාලනය පසසයි

මහා බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවීමට පැමිණ සිටින එක්සත් ජාතික පක්ෂ සභාපති සහ ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

බ්‍රිතාන්‍ය අගමැති සහ එජාප සභාපති අතර හමුව සිදුවූයේ එංගලන්තයේ මැන්චෙස්ටර් හිදීය.

මහා බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සාමාජික රටවල දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසකගේ ප්‍රධානත්වයෙන් එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ සභාපති සහ ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු කන්සර්වේටිව් පක්ෂ වාර්ෂික සම්මේලනයට සහභාගී වෙති.

මහා බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වන අතරවාරයේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහාතා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය පිලිප් හැමන්, වෙළඳ කටයුතු ඇමැති ෆ්‍රැන්සිස් මෝඩ් යන මහත්වරු සහ ස්වදේශ කටයුතු ඇමැතිනී ටිලීෂා මේ මහත්මියද හමුවී සාකච්ඡා පැවැත්වීය.

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත යහපාලනය බ්‍රිතාන්‍ය රජයේ දැඩි ප්‍රශංසාවට ලක්වන බවය.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලන පුරා දින 3 ක් මුළුල්ලේ එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවැත්විණි.



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති ලංකා යහපාලනය පසසයි

ධම්ම Thursday, 08 October 2015 05:58 AM

ජයවේවා! (බ)

:       0       0

නාමල් Thursday, 08 October 2015 06:19 AM

ජයවේවා... අපි සිටගත යුත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග මිස රුසියාව, චීනය වැනි ඒකාධිපති රටවල් සමග නොවේ. (ර)

:       0       0

සියදෝරිස් Thursday, 08 October 2015 06:34 AM

පැසසුම් කල යුතු දේ පැසසුම් කල යුතුයි. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 08 October 2015 06:39 AM

යහපත් දේ යහපත් සේ දැකීම යහපත් මිනිසුන්ගේ ස්වභාවයයි. (ර)

:       0       0

ඉන්දික Thursday, 08 October 2015 08:04 AM

නාමල් ඔහොම බය වෙලා පක්ෂග්‍රාහී වෙලා බැහැ, බය නැති මිනිස්සු නම් ඕන රටක් එක්ක ඉන්න පුළුවන් වෙන්න ඕන. පටු වෙන්න, ළග පෙනෙන වාසියට ගැති වෙන්න හොද නැහැ. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඉන්දියාව කාටවත් යට වෙන්නේ නැතුව ඉදල තමයි ඔය තත්වයට ආවේ. ඔයා කියන විදිහට කලොත් අපි ගැත්තෝ සහ ඉත්තෝ වෙනවා මිසක් කවදාවත් ඔය කියන රටවල් ඉන්න තත්වෙට යන්න බැහැ. (බ)

:       0       0

ඉනෝකා Thursday, 08 October 2015 08:17 AM

සතුටු දායක පුවතක්......! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site