ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපතිවරයා හමුවුණු පළමු අවස්ථාව මෙයයි. සුනාක් කීව් අගනුවරට ගියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේය.
රුසියන් ප්‍රහාර හමුවේ, දිගින් දිගටම යුක්රේනයට බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය සුනාක්, යුක්රේන ජනාධිපතිවරයා හමුවේ ප්‍රතිඥා දුන්නේය. යුක්රේන ජනාධිපතිවරයා සුනාක් පිළිගත්තේ ඔහු වැලඳ ගනිමිනි.
සාකච්ඡාවලින් පසු පවුම් මිලියන 50 ක තවත් ආධාර යුක්රේනයට ලබා දෙන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැවැසීය. හමුදා ආධාර පැකේජයක් ද ඊට ඇතුළත් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේන ජනපති හමුවෙයි